අම්මගෙ කීම අහකදාන්න බැරි නිසා තමයි මම නිලියක් වුනේ

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම ජනප්‍රිය වුන නවක රංග ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියන්නේ, ඉතින අපි අද අපේ කතාබහට එකතු කරගනේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිම්මි මනෝහාරී සමගයි, නිම්මි කොහොමද මේ අවුරුද්දේ වැඩ ”මේ අවුරුද්දේ ඉතින් සුපුරුදු විදියට වැඩ ටික කරගෙන යනවා, කලින් කරපු නිර්මාණ හතක් අටක්ම එන්න තියෙනවා, ඊට අමතරව U-Tube නාට්‍ය වගේම වෙබ් සීරියස් එකකුත් කරලා තියෙනවා, කොහොම වුනත් මේ අවුරුද්ද කළාව පැත්තට වැඩි නැඹුරුවක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ,”

නිම්මි කියන්නේ කොයි වගේ චරිතයක්ද..? ඇත්තටම නිම්මි මනෝහාරී කියන්නේ සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න කැමති චරිතයක්, මම පොඩි කාලේ ඉඳන්ම එහෙමයි, මගේ ජීවිතේ ප්‍රශ්න නැතුව නෙවෙයි, මමත් සාමාන්‍ය ගැහැණු ළමයෙක් මටත් ප්‍රශ්න තියෙනවා, මට මගේ ජීවිතේ හමුවෙන සමහර පුද්ගලයන් නිසා එක එක ප්‍රශ්න එනවා, විවිද අත්දැකීම් වලට මුහුණ දෙන්නවෙනවා, ඉතීන් මම ඒ දේවල් එක්ක ඕනෑම දෙකට හිනාවෙන් පිළිතුරු දීලා ජීවිතේ විඳිනවා”

සතුටින් ඉන්න ඕන නිසාද නැටුම් ගැයුම් රැඟුම් වගේ දේවල් සමාජ මාධ්‍ය වලට එකතු කරන්නේ..? මෙහෙමයි සාමාන්‍යයෙන් මම සමාජ මාධ්‍යවලට එකතු කරන්නේ මගේ නර්තයනයන් වගේ දේවල්, ඒ වගේම මම ටික් ටෝක් වගේ ඒවත් කරලා සමාජ ජාලාවලට දානවා, කලින් කිවුවා වගේම මම ජීවත් වෙන මේ මොහොත සතුටින් ගෙවන්න උත්සහ කරනවා, ඉතින් ඒ ගෙවන සමහර සුන්දර වෙලාවල් වීඩියෝ කරලා සාමාජ ජාලාවලට දානවා, යාළුවො එක්ක කරන සමහර පිස්සු වැඩ වීඩියෝ කරලත් දානවා, හැබැයි ඉතින් ගොඩක් අය හරිම සතුටින් ඒවාට කමෙන්ට් දානවා”

නිම්මි කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනා කියන්නේ අම්මගේ කැමැත්ත නිසා නේ, ඉතින් අද මේ ඉන්න තැන ගැන ඔයා තෘප්තිමත් ද..? ”ඇත්තටම ඔව්, මම මේ ක්‍ෂේත්‍රය ගැන මහා ලොකුවට හදාරලා නැති නිසා පොඩි බයක් තිබ්බා, අම්මගේ බලකිරීමට තමයි මම කළා ක්‍ෂේත්‍රයට පය තිබ්බේ, දැන් මම මේ කලාවට ගොඩක් ආදරෙයි, ඒ නිසාම මම මේ කලාව ගැනහදාරනවා, මොකද අපි දෙයක් කරනවානම් ඒ ගැන හොඳට හදාරන්න ඕන, නැතුව හරියන්නේ නෑ, අද වෙද්දී මම මේ ඇවිත් තියෙන තැන ගැන හරිම සතුටුයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top