අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.