මම අවංක කෙනෙක් නිසා තමයි තාම පාසල් කාලේ පෙම්වතා එක්ක යාළුවෙලා ඉන්නේ

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි රුමලි කේශිඩා කියන්නේ, ඉතින් අපි හිතුවා දෙවෙනි ඉනිම නාට්‍ය අවසන් වෙන්න කලින් රුමලි එක්ක ටිකක් කතා කරන්න, රුමලි මේ දවස්වල හැමෝම ඔයා ගැන කතා වෙනවා නේද..? ”හා ඔව් ඔව්, මේ ළඟදී දවසක මම සිරස ටීවී නාලිකාවේ වැඩසටහනකට ගිහින් කිවුව නේ මම බත් කන්නේ නෑ කියලා, ඒ නිසා තමයි හැමෝම මගේ ගැන කතා කරන්න පටන් ගත්තේ, ඇත්තටම මම ඉස්සර ගොඩක් මහතයි දැන් මම කෙට්ටු වෙලා තියෙන්නේ බත් කන්නේ නැති නිසා, බත් කන එක නතර කලාම මම සෑහෙන්න වෙනස් වුනා”

රංගන කටයුතු එහෙම කොහොමද මේ දවස්වල..? මම තාමත් දෙවෙනි ඉනිම නාට්‍යයේ රඟපානවා, මම දෙවෙනි ඉනිම නාට්‍ය එක්ක සම්බන්ද වෙලා අවුරුදු එක හමාරක් විතර වෙනවා ඒ හැර අලුත් වැඩ කිහිපයකට එකතු වෙලා ඉන්නවා, දෙවෙනි ඉනිමෙන් පස්සේ තමයි ඒ වැඩ පටන් ගන්නේ, කොහොම වුනත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙන්නේ ඒ නිර්මාණවල පිටපත් බලන්න ඕන,”

රුමලි පහුගිය දවස්වල දැක්කේ දෙරණ නාලිකාවේන් විතරයි, ඇයි වෙනත් නාලිකාවලින් ආරාධනා එන්නේ නැද්ද..? ”මට රඟපාන්න ආරාධනා කිහිපයක්ම ලැබුනා, හැබැයි මම බාරගත්තේ නෑ, මොකද ඒවාට ගියේ නැත්තේ මට දෙරණ එක්ක තියෙන සම්බන්දය ගොඩක් ලඟයි, මම රංගනයෙන් දායක වුන පලවෙනි නාට්‍ය විකාශනය වුනේ දෙරණ නාලිකාවේ ඉතින් මම දෙරණ නාලිකාව එක්ක තමයි ගොඩක්ම ලඟින් වැඩ කරන්නේ”

රුමලි ඔයා සියයට සීයක්ම අවංක කෙනෙක්ද..? ”අනිවාර්යෙන්ම, මම සියයට සියයක්ම අවංක කෙනෙක් මම අවංක නිසා තමයි මගේ පාසල් පෙම්වතා එක්කම මම තවම ආදරෙන් බැඳිලා ඉන්නේ, මම කවදාවත් එක වචනයෙන් කියලා නෑ, හැබැයි මම මගේ අවංක බව ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා, ආදරෙයෙදී වැඩියෙන්ම තියෙන්න ඕන අවංක කම සහ විශ්වාසය ඒ දෙකම මම ගාව තියෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top