විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව කටයුතු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත නිකුත් කර ඇති නියෝග සියල්ල බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය මේ මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නේය.
විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.