මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි හිතලඟ හිනැහුනා ටෙලිනාට්‍ය, සිරස නාලිකාවේ විකාශනය වන මේ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුන චරිතයක් තියක් ඉන්නවා ඒ තමයි මිනෝලි, ඉතින් මේ මිනෝලි කියන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අශිකා මතසිංහ විසින්, ඉතින් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන අශිකා මතසිංහ සමග,
අශිකා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් වැඩියෙන්ම කාලය වෙන් කරලා තියෙන්නේ සිරස නාලිකාවේ විකාශනය වෙන හිතලඟ හිනැහුනා නාට්‍යට, මේ චරිතය නාට්‍යට එකතු වෙලා මේ වෙද්දී ටික කාලයක් වෙනවා, ඉතින් ඒ කාලය තුල ලැබෙන ප්‍රතිචාර හරිම ඉහලයි, මම කොහොමත් රංගනයට ගොඩක් කැමතියි මට නිතරම ලැබුනේ අහිංසක චරිත, හැබැයි හිතලඟ හිනැහුනා නාට්‍ය නිසා මට ටිකක් වෙනස් චරිතයකට රඟපාන්න අවස්තාව ලැබුනා, ඒ ගැන නම් ගොඩක්ම සතුටුයි”
අශිකගේ හොඳම රසිකයා කවුද..? මගේ හොඳම රසිකයා තමයි මගේ හස්බන්ඩ්, එයා තමයි මගේ රංගනයේ අඩුපාඩු හැම එකක්ම පෙන්වලා දෙන්නේ, ඒ වගේම කියන්න සතුටුයි මගේ ගෙදර අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, මම මගේ පවුල් ජීවිතේ ගොඩක් එන්ජෝයි කරනවා මාරම සතුටින් තමයි මම ගෙදර ඉන්නේ”
අශිකා දැන් වැඩි අවදානයක් ලබා දීලා තියෙන්නේ කලාවටද ”ඔව් මම මගේ ජීවිතේ වැඩිම වෙලාවක් මේ වෙද්දී යොදවලා තියෙන්නේ කලාව වෙනුවෙන්, මොකද මම බබාලා නිසා කාලයක් රංගනයට සමුදීලා හිටියා, 2022 වසරේ තමයි මම ආයෙමත් කළා ලෝකය එක්ක සම්බන්ද වෙන්නේ, දැන් බබාලා ලොකුයි, ඉතින් ඒ නිසා මට ඒගැන වද වෙන්න දෙයක් නෑ, මගේ ලොකු බබාලා දෙන්නම ශිෂත්ව විභාගේ පාස්, පොඩි බබත් ඉගන ගන්න දක්ෂයි, ඉතින් එයාලා වෙනුවෙන් එයාලගේ ඉගනීම වෙනුවෙන් මමත් හම්බ කරන්න ඕන නේ, දැන් රටේ තත්වය එක්ක ළමයි තුනක් හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි, ඉතින් ඒ නිසා කලාව කරනගමන් පවුල් ජීවිතෙත් සුන්දර සමබරව කරගෙන යනවා”