රජයේ වෛද්‍යවරුන් හෙට උදෑසන සිට සංකේත වැඩවර්ජනයක

රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළකිරීම සඳහා හෙට (08) උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්ති හේතුවෙන් වෘත්තිකයින් අපහසුතාවට පත්ව ඇති බව පවසමිනුයි ඔවුන් මෙම සංකේත වැඩවර්ජනය සිදු කරන්නේ. එමෙන්ම, නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (08) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති විරෝධතාවක් ද සැළසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top