ෆොන්සේකා පරපුරෙන් රංගන ලෝකයට සම්බන්ද වුන වර්තමානය වනවිට ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ, සෙනාලි පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ සුදු චූටි ගේ චරිතය නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුනා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන වගේම පසුගිය කාලයේ වැඩිය පෙන්න හිටියේ නැති සෙනාලි එක්ක ටිකක් කතා අකරන්න,
සෙනාලි පහුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ නේ, ඉතින් කවද්ද ලංකාවට ආවේ ”දැන් ටික දවසක් වෙනවා ලංකාවට ඇවිල්ලා, මම පොඩි කාලේ ඉඳලම හැදුනේ වැඩුනේ එංගලන්තයේ වුනාට මම වැඩියෙන්ම කැමති ලංකාවට, මම එංගලන්තයට ගියාම බලාගෙන ඉන්නේ අනේ ආයේ කවද්ද ලංකාවට යන්නේ කියලා, ඒ තරමට මම ලංකාවට ආදරෙයි, මම රට ගියේ මගේ පුද්ගලික වැඩ ටිකකට, ඒ වැඩ ඉවර කරගෙන තමයි මම ලංකාවට ආවේ”
නාඩගම් කාරයෝ නාට්‍ය මේ වෙද්දී විකාශනය වෙලා ඉවරයි හැබැයි ඒත් තාම සුදු චූටිට ගොඩක් අය ආදරෙයි නේද..? ”අනේ ඔවු නේ, නාඩගම්කාරයෝ නාට්‍ය ඉවර වෙලා දැන් ගොඩක් කල්, මම හිතුවේ හැමෝටම දැන් මාව අමතක වෙලා ඇති කියලා, මොකද දැන් අලුත් නාට්‍ය ගොඩක් ජනප්‍රිය වෙලා ඒ වගේම මාස ගණනාවක්ම මාව පෙන්න හිටියෙත් නෑ නේ, දැනටත් මාව වැඩිය පේන්න නෑ නේ, දැන් හැමෝම අහන්නේ මගෙන් නාඩගම් කාරයෝ දෙක එන්නේ කවද්ද කියලා, ඒ අය ඒ තරමටම සුදු චූටිට ආදරෙයි”
ලඟදි අලුත් නිර්මාණයක් බාරගත්තේ නැද්ද..? ”පහුගිය කාලයේ මට ආරාධනා ගොඩක් ආවා, මම මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ සිනමාවෙන්, මම සාමාන්යෙන් අවුරුද්දකට මෙගා නාට්‍ය එකක් දෙකක් කරනවා, හැබැයි පහුගිය අවුරුදු එක හමාරේම මම කලේ නාඩගම් කාරයෝ නාට්‍ය විතරයි, එකෙන් පස්සේ මම තීරණය කළා ටික කාලයක් කලාවෙන් ඈත් වෙලා ඉන්නවා කියලා, මේ දවස්වල මම ඉසුරු වීරසිංහමුදලිගේ අධ්‍යක්ෂණය කරන ‘ජෝර්ජියා. ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලට සහභාගී වෙනව. ඒකනම් මෙගා එකක් නෙවෙයි සීමිත කොටස් ගානක් තියෙන නාට්‍යක්,”