විවාහයෙන් පස්සේ වැඩි වෙලාවක් සැමියා එක්ක එකට ඉන්න ඕන නිසා රංගනයට සමුදෙනවා

අපේ රංගන ක්ෂේත්‍රයේ ඉහලම නමක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, විවිද චරිත හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වුණ ශලනි වර්ථමානය වනවිට ලංකාවේ නිලි රැජින විදියටත් හඳුන්වනවා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ හැමෝම ආදරේ කරන ශලනි තාරකාවයි,

ශලනි කොහොමද ඉතින් ජීවිතේ..? ”මම ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ බාර අරගෙන තියෙනවා, ඒ වගේම කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ ෂූටින් තියෙනවා, ඒවා තමයි ඉතින් වෙන්නේ, පහුගිය කාලය ටිකක් අසනීප වෙලා හිටියා, ඒ නිසා ඒ කාලයේ පොඩි විවේකයක් ගත්තා, හැබැයි දැන් ආයේ වැඩට බැහැලා ඉන්නේ, මේ දවස්වල එකදිගටම ෂූටින්”

ශලනි මේ ක්‍ෂේත්‍රයට ආව කාලේ හැමෝම අතර ජනප්‍රිය වුනේ දඟකාර රංගන ශිල්පිනියක විදියට, හැබැයි පස්සේ අපි දැක්කේ නිවුන රංගන ශිල්පිනියක් විදියට, ඒත් දැන් ආයෙමත් පරණ ශලනිම වෙලා නේ..? ”හා ඔය කියන්නේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘හීනයකි මේ ආදරේ තරම්’ ටෙලි නාට්‍යය ගැන නේ, ඒ නාට්‍යයේ මම ටිකක් දඟකාර කටකාර චරිතයක් කරන්නේ, පහුගිය කාලෙම මම රංගනයෙන් දායක වුනේ ටිකක් බැරෑරුම් චරිත, ඉතින් මට ඕන වුනා දඟලලා කරන්න පුළුවන් සැහැල්ලු චරිතයක් කරන්න, ඒකයි ඒ චරිතය බාරගත්තේ”

ශලනි මේ අවුරුද්දේ විවාහ වෙනවා කියලා ආරංචියක් ආවා, ඉතින් අපිට කියන්නේ නැද්ද කවුද ඒ වාසනාවන්තයා කියලා, ”ඒක සප්‍රයිස් එකක් විවාහ වෙන දවසටම බලන්න මම කා එක්කද විවාහ වෙන්නේ කියලා, දැන්ම ඒ ගැන කියන්නේ නෑ කියලා මම තීරණය කරලා තියෙන්නේ, කොහොම වුනත් විවාහයන් පස්සේ මම රංගනයට වඩා වැඩි කාලයක් යොදවන්නේ මගේ පවුලට, හැබැයි ඉදිරියේදී මට පවුලයි කලාවයි කියන දෙකෙන් එකක් තෝරාගන්න වුනොත් මම දෙපාරක් නොහිතා තෝරාගන්නේ පවුල, ඒක ස්ථිරවම කියන්න පුළුවන් මොකද මට ඕන සැමියා එක්කම එකට ඉන්න, පවුලක තියෙන ආදරය විඳගන්න,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top