මම දෙමළ නොවුනත් මම ආසම දෙමළ චරිත රඟපාන්න. පරිගණක අංශය ඇත හැරලා කලාවට ආවේ.

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නොනිමි ටෙලි නාට්‍යයේ තමලිනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තිලක්ෂිණි රත්නායක කියලා කියන්නේ. ඒ වගේම සිනමාවෙන්, පුංචි තිරයෙන් ඇයව නිරන්තරයෙන් දකින්නට නොලැබුණත් වේදිකාව හරහා නිතරම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මාණික්කාවත ටෙලි කාට්‍යයේ සුගුණහාමි කියන්නේ ඇයගේ රංගන ජීවිතේ ලැබුණු සුවිශේෂිම චරිතයක් කියලයි තිලක්ෂිණි කියන්නේ.

ඒ වගේම ටෙලි නාට්‍යය ඉවර වුණත් තාමත් සුගුණහාමිට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි කියලත් ඇය කියනවා. ඒත් එක්කම මාණික්කාවත අවසන්වනවාත් එක්කම නොනිමි විකාශනය ආරම්භවීම ලොකු සතුටක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම මගතොටේදී දැක්කත් හැම කෙනෙක්ම ඇයගෙන් අහන්නේ ඔයා දෙමළද කියලාලු. ඉතින් සමහර අය දෙමළත් ඇයත් එක්ක කතා කරනවා කියලත් තිලක්ෂිණි කියනවා. ඒ වගේම ඇය දෙමළ විලාසිතාවලටත් හුඟක් කැමැතියිලු.

ඒ වාගේම ඇය ඉපදෙන්නේ, හැදෙන්නේ කොළඹ කොටහේන ආශ්‍රිතව නිසා ඒ මුළු පරිසරයේම ඉන්නේ දමිළ ජනතාව ඉස්සර ඉදන්ම ඇය ආශ්‍රය කරලා තියෙනවාලු. ඉතින් ඇයත් සිංහල කතෝලික, සිංහල බෞද්ධ මිශ්‍රණයක් නිසා බහු ආගම්, බහු සංස්කෘතික ලක්ෂණ පුංචි කාලේ ඉඳලාම ඇයට ලැබුණා කියලයි තිලක්ෂිණි කියන්නේ. ඒ වගේම එහෙම පරිසරයක ජීවත්වෙන නිසාද මන්දා ඇය දමිළ චරිතවලටත් හරිම ආසයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය මීට කලින් යාපනය, වව්නියාව, මඩකලපුව ආශ්‍රිතව දමිළ සිනමාකරුවන්ගේ කෙටි චිත්‍රපටිවලට දායක වෙලා තියෙනවාලු. ඒ අතරතුර දෙමළ භාෂාව කතා කරන චරිත කීපයකුත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් තමිලිනීගේ චරිතය ගොඩනගාගන්න ඒ දමිළ කෙටි චිත්‍රපට හරහා ලැබුණු පුහුණුව සෑහෙන්න ඇයට උදව් වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම කෙටි නාට්‍ය හරහා ඇය ප්‍රසිද්ධ වේදිකාවෙන් තමයි ඇයගේ කලා ගමන අරඹන්නේ. හැබැයි ඇය ඉගෙන ගෙන තියෙන්නේ පරිගණක අංශයෙන්. ඒත් එක් තැනකදී ඒ සියල්ල නතර කර කලාවට ආවාට පස්සේ නැවත ඇය හැරෙන්න ගියේ නැහැ කියලයි තිලක්ෂිණි කියන්නේ. ඉතින් ඒ අතෑරලා කලාව තෝරා ගැනීම බොහොම සිහියෙන් ගත් තීරණයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top