ජපාන ව්‍යාපාර ක්ෂේත්රයේ ඉහළ සන්නාමයක් වන මිට්සුබිෂී සමාගම මෙරට සිදුකරන මෙහෙයුම් කටයුතු ලබන මාර්තු මාසයේ දි අවසන් කිරීමට තීරණය කර තිබේ.
අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂී සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිම ද මිට්සුබිෂී සමාගමේ මෙහෙයුම් කටයුතු අවසන් කිරිමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂී සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබුණි.
ඒ අනුව මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය මාර්තු 31 වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මිට්සුබිෂී සමාගම විදෙස් රටවල විවෘත කළ ප්‍රථම කාර්යාල අතරට ශ්‍රී ලංකාව එක්ව සිටින අතර මෙරට සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂී සමාගම දායකත්වය ලබාදී තිබේ.