තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිළිඳෙකු බේරාගැනීමට ඊයේ දිනයේ දී (12) මුදවා ගැනීමේ කණ්ඩායමක් සමත් වී තිබුණා.
බේරාගැනීමෙන් අනතුරුව නාවා පිරිසිඳු කර ආහාර ලබා දීමෙන් අනතුරුව සතුටින් සිටින බිළිඳාගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.
සාර්ථකව බේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු, සය මසක ගැබිණියක, අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බව තුර්කි බලධාරීහු ප්‍රකාශ කරනවා.