නව සුරාබදු පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය
නව සුරාබදු පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
1912 වසරේදී හඳුන්වාදී ඇති සුරාබදු ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ අනුව සුරාබදු ආඥාපනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හඳුන්වාදීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරණාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්,