ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් 2023 න වර්ෂය සඳහා ජාතික කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහල නැංවීම සදහා තීරණය කර තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව එක් සීමිත පන්දුවාර ක්රිකට් තරඟයක් සදහා එක් ක්රීඩිකාවකට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 250සිට 750 දක්වා ඉහල දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට අමතරව තරගයක් ජයග්රහණය කලහොත් ඇ.ඩො. 250 ක බෝනස් මුදලක් ලබාදීමටද ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙම දීමනාව එක්දින හා විස්සයි විස්ස ආකෘති ද්විත්වයටම මෙම වසර ආරම්භයේ සිටම ක්රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.