පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් තම පෙම්වතියට ත්‍යාගයක් දීම සඳහා පසුගිය වසරේදී ඩොලර් 360 ක මුදලක් වෙන් කළ පෙම්වතෙකුට අවසානයේ දී ත්‍යාගය මිලදී ගැනීමට ඉතිරිව ඇත්තේ ඩොලර් 40 ක මුදලක් පමණයි.
මේ පුද්ගලයා පසුගිය වසරේ දී එම මුදල වෙන් කිරීමේදී සිය පෙම්වතියට ප්‍රකාශ කර ඇත්තේ ඇය ඔහුට බැණ වදින සෑම වාරයකදීම එම මුදලින් ඩොලරය බැගින් අඩු කරන බවයි.
ඒ අනුව මේ වන විට ඔහු වාර 320 ක දී ඇගෙන් බැනුම් අසා ඇති අතර,ඒ වෙනුවෙන් ඩොලර් 320 ක්ම ඉතිරි කරගත හැකි වූ බව ඔහු සඳහන් කර තිබෙනවා.