මාලදිවයිනත් මිහිමතින් තුරන්වීමේ අවදානමක ?

සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.

ඒ මේවන විට ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන තිබීම හේතුවෙන්.

සාගර ජල මට්ටම ඉහළ යෑම  මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් වන බවයි ඔවුන් පවසන්නේ.

දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය ‘ලෝකාවසාන ග්ලැසියරය’ යන නමින් ද හඳුන්වනු ලබන අතර . ග්ලැසියරය දියවීමට පටන්ගෙන ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසා බවයි විද්‍යාඥයෝ පවසන්නේ.

ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ‘අයිස්ෆින්’ නැමති රොබෝ කුමුඳුව (කුඩා සබ්මැරීනය) යොදා ගනිමින්, මෙම ග්ලැසියරය ගවේෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top