නිරෝෂා තලගල කියන්නෙ නර්තනයෙන් වගේම රංගනයෙනුත් සිය හැකියාවන් පෙන්නුම් කළ කවුරුත් ආදරය කළ සුන්දර රුවැත්තියක්.. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් ඇගේ ආදරණීය දවස (ඇය මවක් වුණු දවස) ගැන අවදි කළ මතකයන්…
දරුවෝ හම්බුණාම ගොඩක් අය කියන දෙයක්, ‘අනේ මම කැතවෙනවා’, ‘මහත් වෙනවා..’ ඔය වගේ කතා…. නිරෝෂාට ඒ වගේ ප්රශ්න ආවේ නැද්ද ? “මට නම් එහෙම හිතුනේ නෑ. මමත් මහත් නොවී හිටියේ නෑ, මහත්වුණා.. මම කිලෝ අනූවක් මහත් වුණා. නමුත් මට ඩාන්සින් නැතුව බෑ.
මම නැවත එනවා නම් එන්නෙ තිබුණා වගේම ඇඟ හදාගෙන. බැරි වුණොත් නවතිනව කියලා හිතන් උන්නෙ. නමුත් බබා ආවම එහෙම උනේ නෑ. මම හොඳට කෑවා. මම ඕනම දේකට මූණ දෙන්න බලාගෙන දරුවා බිහි කළේ. මේකප් ජාති තියෙනවනේ අද.. ඒක එහෙම උනා කියලා මගේ ගමනට බාධාවක් වෙලත් නෑ..”