මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වෙනවා.
ඔහුට ගෙවන මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන් දරන ආරක්‍ෂක වියදම්වලට වඩා මෙය ඉතා විශාල වියදමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
සමාගමේ වියදම් අඩු කිරීමේ සහ ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක කොටසක් ලෙස සමාගමේ සේවකයන් දහස් ගණනක් සේවයෙන් ඉවත් කිරීමටද පසුගිය දිනවල මෙටා ප්ලැට්ෆෝම්ස් ආයතනය පියවර ගෙන තිබුනා.
සකර්බර්ග්ගේ ආරක්‍ෂාව තව දුරටත් තර කිරීමට ආයතනය පියවර ගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් තුළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.