කොවිඩ් පරාජය කළ බව චීනය නිවේදනය කරයි

තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් – 19 තිඹිරිගෙය වූ චීනය අද (17) නිවේදනය කළේය.

ඒ, එරට කොවිඩ් – 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

කෙසේ වුවද ඔවුන් පැවසුවේ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු පසුගිය මාස දෙක තුළ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 80,000 ක් පමණක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top