සරංග දිනක්ෂි කියන්නේ යෞවනයේ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ජෝඩුවක්. ඔවුන්ට ආදරය කරන පිරිසක් වගේම එදා ඉඳන් අද දක්වාම ඔවුන්ව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා.නමුත් නින්දා ප්‍රසංසා කියන මේ සියලුම දේවල් එක්ක ඉදිරියට තමන්ගේ ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන ගත කරන මේ ආදරණීය කලාකරුවන් දෙදෙනා පසුගිය කාලයේදී උතුම් දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වරම් ලැබුවා.
ඕනිම කෙනෙක්ට ජීවිතයේ පසුතැවුණු කාලයක් සහ දුක් විඳපු කාලයක් තියෙනවා.ඒ වගේ කාලයක් පසු කරගෙන ආපු සාරංග ඔහුගේ ජීවිතයට හම්බවෙච්ච දිනක් දිනක්ෂිත් එක්ක බොහොම ආදරයෙන් තමයි කාලය ගත කරන්නේ.දියණිය ඔවුන්ගේ කැදැල්ලට ආවා කියලා නෑ එදා වගේම අදටත් දෙන්න නිදහස සතුටු වෙන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමයි සාරංග නිවේදනය රංගනය කියන්නා වූ සියලුම දේවල් එක්ක කාර්යබහුල වෙලා ඉද්දි දිනක්ෂි නැවත වතාවක් දරු ප්‍රසූතියෙන් පස්සෙ කලාවත් එක්ක එකතුවෙලා වැඩ කටයුතු කරනවා අපි දැක්කා.
ඒ වගේම තමයි ඔවුන් දෙදෙනා විනෝදාත්මක වැඩසටහන් වලට සහබාගි වෙලා ජීවිතයේ පසු කරපු මේ කාලය ලබපු අත්දැකීම් පිළිබඳවත් ප්‍රේක්ෂකයන්ට කියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම පසුගිය දවසක ඔවුන් වැලන්ටයින් දවස වෙනුවෙන් එක්තරා වැඩසටහනකට සහභාගී වුණා.ඒ එය අවස්ථාවේදී වැඩසටහන් මෙහෙයවන පුද්ගලයා අහනව සාරංගගෙන් ඔයා දිනක්ශිගේ දකින්න කැමතියි හොඳම ගතිගුණය මොකද්ද කියන දේ. ඉතින් ඒකට පිළිතුරු වශයෙන් සාරංග කිව්වෙ මේ වගේ අපූරු කතාවක්.
“එයාගේ හොඳ ගතිගුණයක් තමයි යන තැනක ගිහින් ඒ භාජනයේ හැඩය ඇරගෙන ඒ තැනට අනුව ඉන්න පුළුවන්. ඇත්තටම එයා හදන කෑමත් වතුර වගේ.දිනක්ෂි කට්ටියට හුඟක් මිත්‍රශීලී කෙනෙක්.දිනක්ෂි ඕනි තැනකට ගිහින් ඕනි කෙනෙක් එක්ක හොඳට එකතු වෙලා ඉන්නවා.’ දිනක්ෂි ගැන අහපු අවස්ථාවකදී සාරංග හැමෝම සිනස්සමින් ඇය ගැන කිව්වේ ඔන්න ඔය වගේ කතාවක්.ඉතින් තවත් බොහෝ කාලයක් මේ විදිහටම ආදරණීය යුවලක් විදියට ජීවිතය ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.