ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාළ පුද්ගලයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top