ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන වරම් ලැබෙනවා.
කලා කටයුතු මේ විදියට කරගෙන යන පුබුදුගේ තිරයේ විවිධ පෙම්වතියන් සිටියට ඔහුගේ සැබෑ ජීවිතයේ හිමිකාරිය, ඔහුගේ ආදරණීය බිරිද තමයි මාෂි සිරිවර්ධන කියන්නේ. ඇයත් සුරූපිනියක් වගේම රංගන ශිල්පිනියක් විදියටත් කාගෙත් අවධානය දින ගන්නවා. ඉතින් මාෂිගේ සහ පුබුදුගේ සුන්දර කැදැල්ල ගැන හැමෝම විමසිල්ලෙන් බලන් ඉන්නේ කවද්ද මේ දෙන්නා තුන් දෙනා වෙන්නෙ කියලා…. ඒ ගැන පුබුදු එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණා.
”අපි බැලුවෙ රට ටිකක් හොද තත්වයකට එනකම්, තුන් දෙනෙක් වෙන්න. මොකද අපි හොද රටකට තමයි අපේ අනාගත පරපුර දායාද කරන්න ඕන. නමුත් මේ යන තත්වෙත් එක්ක එහෙම රට සුභදායි වෙන්නෙ නෑ වගේ…. ඒ නිසා දැන් ඒක ගැන පොඩ්ඩක් හිතන්න කාලෙ හරි වගේ, රට හොද වෙනකම් දිගු කාලයක් ඉදලා බෑනේ….”