කොරෝනා වෛරසය පරිසරයට මුසු වන්නට ඇත්තේ චීන විද්‍යාගාරයකින් බවට අමෙරිකානු බුද්ධි අංශ විටින් විට පැවසීය.
නමුත් අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මූලික තක්සේරුවක් සිදුකර තිබුණි.
එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය චීන විද්‍යාගාරයකින් නිකුත්වූ බවට පැවසෙන කරුණ සම්පූර්ණයෙන් සත්‍ය බවට අනුමාන කිරීම අපහසු බවය.
බුද්ධි තොරතුරක සත්‍යතාව සම්බන්ධයෙන් තක්සේරු කළ හැකිය. ඒ අඩු, මධ්‍යම සහ වැඩි විශ්වාස කිරීම මතය.
කොරෝනා සම්බන්ධ බුද්ධි තොරතුර තක්සේරු කර ඇත්තේ විශ්වාසය “අඩු” ලෙසට ය.
කොරෝනා වෛරසය පරිසරයට මුසු වී ඇත්තේ විද්‍යාගාරයකින් බවට සමහරු පවසන අතර තවත් සමහරෙක් පවසන්නේ එය පරිසරයෙන් ඉබේ ඇතිවන්නට ඇති බවය.
එවැවින් කොරෝනා වෛරසයේ පරිණාමය ගැන මෙතෙක් පැහැදිලි නිගමනයකට ඒම අපහසුවී තිබේ.