වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරේ

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ. මෙම බද්ද පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සඳහා නිෂ්පාදකයින්ට රුපියල් 06 ත් 07 ත් අතර මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම තත්ත්වය මත වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්,

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top