භූමිතෙල් මිල පහතට

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

එසේම ලංකා කාර්මික භූමිතෙල් මිලද රුපියල් 134 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * ලංකා භූමිතෙල් – රු.50 කින් (නව මිල රු.305) * ලංකා කාර්මික භූමිතෙල් – රු.134 කින් (නව මිල රු.330)

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top