සමහර ගෑනූ මගේ මුණ සමතලා වෙන්න ගහනවා කියලත් මට කිවුවා.. මම කැමතිම ගයිඩ් නළුවා මහේන්ද්‍ර පෙරේරා..

සති අන්තයේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ පීතරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සරත් කොතලාවල කියලා කියන්නේ. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ සිරි, සුද්දි, මහී, කුරුල්ලා මේ දිනවල අපේ සමාජයේ හරි ජනප්‍රිය චරිත බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය ගැන වගේම සරත් කොතලාවලයන්ගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඔහු හිතන විදිහට ඔහු කරපු ඒ චරිතය තුල යම්කිසි සාර්ථක අසාර්ථකභාවයක් තීරණය කරන්න පුළුවන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔහුට ලැබෙනවාලු. මොකද චරිතයට සෑහෙන්න බණින නිසා.

ඒ වගේම සමහරු ඔහුගේ මූණටත් බැනල යනවාලු. හැබැයි ඉතිං රඟපෑම ගැන හැම කෙනාම වගේ වෙනමම කතා කරනවා කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම ඔහු හිතන්නේ පීතර කියන්නේ බැණුම් අහනම චරිතයක් කියලත් ඔහු කියනවා. මොකද ඒක සාමාන්‍යයෙන් මේ සිස්ටම් එකේ තියෙන යහපත් ජීවිතයක් ගතකරන මිනිස්සුන්ට ඇලජික් චරිතයක් නිසා.ඒ වගේම වැඩිපුරම ගෑනු උදවිය තමයිලු ඔහුට බනින්නේ. සමහරු මුහුණු පොතේ දාල තියෙනවාලු ‘මුහුණ සමතලා වෙන්න ගහනවා’ කියලත්.

ඉතින් පීතර කියන්නේ හරි අපූරු චරිතයක් නිසා කට්ටිය ඒකට බැනගෙනම ඉන්නවා කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම එම ටෙලිනාට්‍යයේම සිරිගේ චරිතයට රංගනයෙන් දායක වෙන මහේන්ද්‍ර පෙරේරා තමයිලු ඔවුන්ට මාරම විදිහට සපෝර්ට් කළේ. ඉතින් ඔහු එතැන හිටපු ජ්‍යෙෂ්ඨයා වගේම ඔහු ලංකාවෙ කැමැතිම ගයිඩ් නළුවා මහේන්ද්‍ර පෙරේරා කියලත් ඔහු කියනවා. ඒ වගේම මේ ටෙලිනාට්‍ය මේ වනවිට විකාශනය වෙලා ඉවරයි.

එහි කොටස් 27යි රූගත කිරීම් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සෙත් ජගත් මනුවර්ණගේ ‘කොඩිගහ යට’ කියන ටෙලි නාට්‍යය විකාශනය වන නිසා ප්‍රේක්ෂකයින්ට ආපහු අලුත් අත්දැකීමක් වෙයි කියලත් ඔහු කියනවා. ඒ වගේම කොටස් 30, 40 නාට්‍ය නිසා ප්‍රේක්‍ෂකයාට අලුත් අලුත් අත්දැකීම් විඳගන්න පුළුවන් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top