ශානක උදීෂයි එයාගේ බිරිද නිලක්ෂියි දෙන්නගෙ කැදැල්ල හරිම සුන්දරයි ඒ සුන්දරත්වය ගොඩක් වැඩිවෙලා තියෙන්නෙ ඒ දෙන්නගෙ පුංචි සුරංගනාවි හින්දා.ඇය ගොඩක් හුරතල් කියල තමයි ශානක කියන්නෙ. ” තාත්තා කෙනෙක් වෙන එක හරි වෙනස් හැගීමක් කියල මට දැන් හිතෙනව.ඒ ඔක්කටම වඩා මට වටින්නෙ දියණියගෙ වාසනාවත් එක්ක තමයි මම රගපාන සංගීතේ නාට්‍යයේ රොකීගෙ චරිතය ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනෙත්.ඒක ගැන සතුට ගොඩකි වැඩියි”
ඉතින් රොකී විදියට ඔයාලා දකින ශානක කවුරුත් දන්න විදියට ගායකයෙක් විදියටයි මුලින්ම ප්‍රේක්ෂකයා අතරට ඇවිත් තියෙන්නෙ.ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාස් වැඩසටහන තුලින්.ඒ අතර ශානක පෙම්වතෙක් වුනා.ඒ දෙරණ ඩ්‍රිම් ස්ටාර් වැඩසටහනේ ගී ගයපු ටෂ්මි එක්ක එයාට තවත් පෙම්වතියක් හිටිය ඒ තමයි කාලෙ නෙතු කියල ජනප්‍රියත්වයට පත්වුන දැන් රගපාන්නෙ නැති රංගන ශිල්පිනිය.ඒත් රොකීගෙ ආදර කතාව ලියැවිලා තිබුනෙ නිලක්ෂි එක්ක.