Wonder Women -ගාල් ගැටොඩ් සංවේදී වෙයි

‘වොන්ඩර් වුමන්’ චිත්‍රපට චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ගාල් ගැටොඩ් සිය රටට එල්ලවල සතුරු ප්‍රහාරයන් පිළිබඳව ශෝකජනක පණිවිඩියක් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා පළ කොට ඇත. ඊශ්‍රායල ජාතික තරුණියක් වන ගාල් ගැටොඩ් මේ වනවිට පලස්තින හමුදාව අතින් සිදුවෙන ප්‍රහාරයන් පිළිබඳව දැඩි කණගාටුවට පත්ව සිටින බව පවසා ඇත.

ඒ පිළිබඳව සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සංවේදි සටහනක් තබා තිබෙන අතර, ඇතමුන් පවසන්නේ ඇය මෙම සටහන තබමින් ඊශ්‍රායලට සහය දක්වන මෙවලමක් බවට පත්ව ඇති බවය. එම නිසාවෙන් වහාම ඇයගේ ‘ටිවිටර්’ ගිණුම අවහිර කරන්නට කටයුතු යොදන ලෙස බොහෝ පාර්ශවයන් ‘ටිවිටර්’ ආයතනයට මේ වනවිට ඉල්ලීම් කර ඇති බව සඳහන් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top