ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation  සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට අනුව එයාර්බස් A330 සහA320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ.

මෙම සහයෝගීතාවේ පළමු කටයුක්ත වූයේ  FitsAir  සඳහා එයාර් බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානයක් බවට පරිවර්තනය කිරීමයි. එය මෑතකදී නියමිත වේලාවට හා  නියමිත වූ පිරිවැය තුළ නිම කරන ලදී. ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA  සහතිකය හිමිකරගෙන තිබේ. මෙය  ගුවන් යානා වෙනස් කිරීම හා භාණ්ඩ ගුවන් යානා බවට පරිවර්තනය කිරීමට අදාල නඩත්තු කටයුතු සිදුකිරීමට විදේශීය ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොද උපායමාර්ගික ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top