විෂ සහිත රසායනිකයන් අඩංගු බවට වූ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් ද නොතකා, ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට පාවී ආ භාණ්ඩ එක් රැස් කළ පුද්ගලයින්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයකට ආසාත්මිකතා මතුව ඇති බව වාර්තා වෙනවා.
ඔවුන්ගේ සම මතුපිට බිබිළි දැමීම්, ලප මතුවීම් සහ කැසීම් තත්ත්ව හටගෙන ඇති බව යි පැවසෙන්නේ.
භාණ්ඩ එක් රැස් කිරීමේ දී මුහුදු ජලයට වැඩි වශයෙන් නිරාවරණය වූ අත් පා වැනි ස්ථානවල මෙම බිබිළි ආදිය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සඳහන් වනවා.
මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ අනතුරු ඇඟවීම් නොතකා වෙරළ වෙත පැමිණි පුද්ගලයින් වෙත බලපා ඇති මෙම ආසාත්මිකතාවලට අමතරව අනාගතයේ ඔවුන් හට සිතාගැනීමට හෝ නොහැකි ආකාරයේ පසු විපාක මතු වීමේ අවදානමක් පවතින බවයි.