මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ලිෂ්මනයිසිස් නැමැති වැලි මැස්සාගෙන් ව්‍යාප්ත වන චර්ම රෝගය වැළඳුණු පුද්ගලයින් 500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පවසයි.
මෙම චර්ම රෝගය වැළඳුනු පුද්ගලයින් 3200කට ආසන්න පිරිසක් පසුගිය වසර තුළ පමණක් වාර්තා වී තිබේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලද මෙම රෝගය ව්‍යාප්තව පවතී.
චර්මගත ලිෂ්මනයිසිස් රෝගයෙන් ඔබ්බට ගොස් එය ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට පවා හානි කරන මාරාන්තික තත්ත්වයන් ඇති කරන රෝගී තත්ත්වයක් බව මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පවසයි.
මෙය ලිෂ්මනයිසිස් නම් පරපෝෂිතයාගෙන් බෝවන චර්ම රෝගයක්. ලිෂ්මනයිසිස් පරපෝෂිතයා ජීවත්වෙන්නේ වැලි මැක්කාගේ ශරීරය තුළයි. වැලි මැක්කන් ජීවත්වන්නේ තෙතමනය රැඳුණු කසල ගොඩවල, බල්ලන් බළලුන් වැනි සතුන්ගේ සිරුරුවල ලොම් අතර මෙන්ම දූවිලි අංශු අතරයි.
ලෝකයේ ලිෂ්මනයිසිස් පරපෝෂිතයන් වර්ග විස්සක් පමණ ජීවත්වෙනවා. අපි‍්‍රකානු ඹ්චතචචලචප කලාපයේ රටවල ලිෂ්මනයිසිස් පරපෝෂිතයන් වර්ග බොහොමයක් වෙසෙනවා. අපේ රටේ වැඩිපුර මෙම රෝගය පැතිර යන්නේ උෂ්ණාධික කාලවකවානුවලදී.
ඒ වගේම වැසි සමයේ දීත් තෙත සහිත කොළ රොඩු හා කුණු එක් රැස්වන තැන්වල බෝවෙන වැලිමැක්කන් දෂ්ට කිරීමෙන් මිනිසාටලිෂ්මනයිසිස් රෝගය බෝ වෙනවා.
නිවෙස්වල ඇති කරන බල්ලන්, බළලුන් වැනි සුරතල් සතුන් හරහා මිනිසුන්ට වැලිමැක්කන් දෂ්ට කිරීමෙන් රෝගය බෝ වෙනවා. වැලිමැක්කා ප්‍රමාණයෙන් ඉතා කුඩා කෘමියකු වන හෙයින් බොහෝ විට උන් සපා කන විට ඇසට පෙනෙන්නේ නෑ.
ඔබේ නිවෙසේ කුණු කසල නිසි පරිදි බැහැර කරන්නේ නැත්නම්, නිතරම නිවෙසේ බඩු භාණ්ඩවල දූවිලි පිස දමා ඉවත් නොකරන්නේ නම් ඔබ නිවෙසේත් වැලිමැක්කන් බෝ වෙන්නට ඉඩ තිබෙනවා.
නිවෙසේ ඇති දැඩි කරන සුරතල් සතුන් කලට වෙලාවට නහවා පිරිසුදු නොකරන්නේ නම්, එමෙන්ම කලට වෙලාවට සතුන්ගේ පරපෝෂිතයන්ට එරෙහි එන්නත් ලබා දී එම සතුන් නිරෝගීව තබා නොගන්නේ නම් ඔවුන් හරහා වැලිමැක්කන්ගේ දෂ්ටනයට ඔබ ලක්වෙන්නට ඉඩ තිබෙනවා.
වැලිමැක්කන් සපා කෑමෙන් ලිෂ්මනයිසිස් පරපෝෂිතයා සමට ඇතුළු වෙනවා. පළමුවෙන්ම සමෙහි වැලිමැක්කා සපා කෑ ස්ථානය රත් පැහැ ගැන්වී කුඩා බිබිලක් මතුවෙනවා. එය මුලින්ම කුරුලෑවක් ලෙසින් දිස්වෙන්නටත් පුළුවන්.
පසුව සැරව පිරුණු කසන තුවාලයක් බවට පත් වෙන්නට පුළුවන්. නිසි කලට ප්‍රතිකාර නොලැබුණහොත් තුවාලය වැඩි වී ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට පවා හානි සිදු විය හැකියි.
සිරුරේ අක්මාව, ප්ලිහාව වැනි ඉන්ද්‍රියයන්ට විෂ බීජය පැතිරී රෝගය උත්සන්න වීමෙන් ඇතැම්විට මරණයට පවා පත්විය හැකියි. ලිෂ්මනයිසිස් රෝගයෙන් ඇතිවන තුවාල කැලැල් ඇතැම්විට ජීවිත කාලය පුරාම නොමැකී පැවැතීමට ඉඩ තිබීම එහි ඇති අනෙක් අවදානමයි.
ලිෂ්මනයිසිස් විෂ බීජය ශරීර ගත වුවහොත් පළමුවෙන්ම කැසීම ඇතිවන්නේ හෝ බිබිලක් ඇතිවන්නේ මුහුණේ නාසය මුල, කට දෙපස, දෙතොල් කෙළවර, දෑස දෙකෙළවර අත්වල වැළමිට අසල වැනි නැවුම් ඇති තැන්වලයි. රත් පැහැති සැරව බිබිලි වැනි කුඩා බිබිලක් ඇති වී කසන්නට පටන් ගතහොත් පමා නොවී වෛද්‍යවරයකු හෝ රෝහල වෙත යා යුතුයි. ලිෂ්මනයිසිස් රෝගය ඇත්දැයි සැකයක් ඇති වුවහොත් තුවාලය අසලින් ලබාගන්නා චර්ම පටල පරීක්ෂාවකින් පසුව රෝගය නිශ්චිතව හඳුනාගන්නවා ඇති.
කුඩා දරුවන් වැලි, දූවිලි සමඟ සෙල්ලම් කරන්න වගේම සුරතල් සතුන් අතපත ගාන්නත් කැමැතියි. එහෙත් ඔවුන්ට අපිරිසුදු පරිසරයේ වැලි දුලි අල්ලන්නට මෙන්ම අපිරිසුදු සතුන් අතපතගාන්නට දීමත් නුසුදුසුයි. එළිමහනේ සෙල්ලම් කළ සෑමවිටම දරුවන්ට සබන් යොදා හොඳින් ඇඟපත, අත්පා සෝදා පිරිසුදු කරගන්න හුරු කරන්න.
එළිමහනේ සෙල්ලම් කරන විට අත් පා හොඳින් වැසෙන සේ ඇඳුම් අන්දවන්න. වැඩිහිටි ඔබත් එම උපදෙස් පිළිපදින්න.
එදිනෙදා ගේ දොර එකතු වන කුණු කසල තැන් තැන්වල ගොඩ ගැසෙන්නට ඉඩ නොහැර නිසි පරිදි බැහැර කරන්න. තෙතමනය රැඳුණු කොළ ගොඩවල් වැලිමැක්කන්ගේ පි‍්‍රයතම වාසස්ථානයි.
අපේ රටේ ඩෙංගු රෝගය වැනි රෝග ද බහුලව පැතිර යමින් පවතින හෙයින් නිසි පරිදි කුණු කසල බැහැර කිරීමෙන් ඩෙංගු මදුරුවන් වැනි වෙනත් මදුරුවන් බෝ වීම ද අවම කරගන්නට පුළුවන්. නිවෙසේ මෙන්ම අවට පරිසරයේ ද පිරිසුදුබව රැක ගැනීමෙනුත් පෞද්ගලික පිරිසුදු බව රැක ගැනීමෙනුත් ලිෂ්මනයිසිස් වැනි ආගන්තුක හිංසාකාරී රෝගාබාධවලින් පහසුවෙන්ම වැළකෙන්නට හැකියාව ලැබෙනවා.