කොළඹ වරාය නගර කෙටුම්පත සම්මත කිරීමෙන් පසු තමිල්නාඩුව ආරක්ෂාව තර කරයි..

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් සම්මත කිරීමෙන් පසු තමිල්නාඩු පොලිසිය ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

‘දෙමළ ඊ ළාම් අන්තර්ජාතික රජය’ (Transnational Government of Tamil E elam) වැනි සංවිධාන කොළඹ වරාය නගරයට එරෙහිව ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික හෝ චීන ආයතන ඉදිරියේ විරෝධතා පැවැත්වීමට උත්සාහ දරනු ඇතැයි බුද්ධි අංශ විසින් ලබාදී ඇති තොරතුරුවලට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට තමිල්නාඩු පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ජේ.කේ.ත්‍රිපාති තමිල්නාඩුව පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස්දී ඇත.

අසල්වැසි රටවල චීනයේ මැදිහත්වීම වර්ධනය කරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත කෙරෙහි ඉන්දියාව විශාල රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික සැලකිල්ලක් දක්වන බවද ‘ද හින්දු’ ප්‍රකාශ කරයි. එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව නිශ්ශබ්දව සිටීම “දෙමළ ජනයා අතර මහත් නොසන්සුන්තාවක් හා කෝපයක්” ඇති කර ඇති බවට දෙමළ ජා තිකවාදී කණ්ඩායම් නායකයෙකුගේ ප්‍රකාශයන් ගැන සඳහන් කරමින් පොලිස් ප්‍රධානියා දෙමළ ගැති සංවිධානවල සාමාජිකයන් හෝ හිතවතුන් මෙලෙස විරෝධතා පැවැත්විය හැකි බවයි.

– නයන තරංග ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top