චෙෆ් දොන් ශර්මන්ගේ බෝනික්කෙක් වගේ ලස්සන සුරූපී දියණිය

චෙෆ් දොන් ශර්මන් කියලා කියන්නේ මීට අවුරුදු ගණනාවක ඉඳන්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය කලාකරුවෙක් විතරක් නෙවෙයි දක්ෂ සුපවෙදියෙක්. රංගනයෙන්,ගායනයෙන්,ඉවුම් පිහුම් පැත්තෙන් ඕනෑම දෙකට දක්ෂ චරිතයක් විදියට ඔහුව හඳුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඔහුව රුපවාහිනියේ දකින්න ලැබෙන්නේ ඉතාම වෙනස්ම ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට. සාමාන්‍ය සුපවෙදියෙක් කෑමක් හදලා රුපවාහිනියේ පෙන්නනවට වඩා වෙනස්ම විදියට විහිලු කරමින් වෙනස්ම විදියේ ශෛලියක් ඉදිරිපත් කල කෙනෙක් තමයි දොන් ෂර්මන් කියන්නේ. කලක් ඔහු ප්‍රසංග වේදිකාවට වගේම රූපවාහිනි වැඩසටහන් වලටනතුවම බැරි කෙළෙන් ලෙසට කාලයක් ප්‍රසිද්දියට පත් වෙලා හිටිය කෙනෙක්. ඉතින් මේ හැමදේකින්ම දක්ෂ චරිතයක් වූ ඔහු කලක පටන් වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ.

ඒ නිසා තමයි ඔහු පිළිබඳව කරුණු ටිකක් හොයලා බලන්න. දොන් ෂර්මන් ගැන විතරක් නෙවෙයි ඔහුගේ පවුලේ විස්තර ගැනත් අපි බලාපොරොත්තු වෙනවා. ආරංචි වෙන විදියට නම් ඔහු දැන් ජීවත්වෙන්නේ ලංකාවේ නෙවෙයි,ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තමයි ඔහු ජිවත් වෙන්නේ කියලා අපිට දැනගන්න ලැබුනා.තම පවුලේ අයත් එක්ක ඔහු සතුටින් ජිවත් වෙනවලු. ඒ වගේම මෙල්බන් වල ගොඩක් ශ්‍රී ලාංකික ජනතාවත් ඉන්න නිසා ලංකාව ඕස්ට්‍රේලියාව කියලා ලොකු වෙනසක් දැනෙන්නේ නැහැලු, මොකද ඒ රටේ ගොඩක් වෙලාවට ලාංකිකයෝ වැඩි දෙනෙක් ඉන්න නිසා ඒ අයව ගොඩක් මුණගැහිලා කතාබහ කරනවලු. ඒ වගේම ලංකාවේ හිටියට වඩා සතුටින් ඒ රටේ ජිවත් වෙනවා කිව්වොත් නිවැරදියි කියලා දොන් ෂර්මන් අදහස් දක්වලා තිබුනා. මොකද ලංකාවේ ඉන්නකොට ගොඩක් නිසහස අඩු නිසා වගේම හැමවෙලාවකම වගේ විවිධ වැඩ යෙදෙන නිසාත් ඒ ගතකල ජීවිතේට වඩා නිසහස් ජීවිතයක් දැන් ගතකරනවා කියලා ඔහු කියනවා.

ඒ වගේම ඔහුගේ පවුලේ ඉන්නේ බිරිඳ,පුතා සහ දුව. ඒ අයත් වරදක් නැතිව සතුටින් ජිවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. දොන් ශර්මන්ට ඔහුගේ බිරිඳ මුණගැහෙන්නේ ක්‍රිස්මස් කැරොල් එකකදී කියලයි කියන්නේ. එක ඉවර වෙලා ඔහු ඇයත් එක්ක කතාබහ කරලා ටිකක් කාලයක් යද්දී පෙම්වතුන් බවට පත්වුනා ඉන්පස්සේ තමයි දෙදෙනා විවාහ වෙලා තියෙන්නේ. ඉතින් දොන් ශර්මන්ට පුතෙක් වගේ ලස්සන දුවෙකුත් ඉන්නවා ඇයගේ නම එමා ශනායා. ඉතින් මේ ලස්සන දියණියගේ ඡායාරුප පෙළක් තමයි අපි අරගෙන ආවේ. දොන් ෂර්මන් සහ ඔහුගේ දියණිය එකතුවෙලා ලස්සන පොටෝ ශුට් එකක් කරලා තිබුනා. ඉතින් මේ ශුට් එකේ ඡායාරූපකරණය කරලා තියෙන්නේ Deepal Gomes PHOTOGRAPHY විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top