පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩතැබිය නොහැකියි – ජනපති

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසීය.

පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති මාසික හමුවේ දී ජනාධිපතිවරයා ඒ  බව සඳහන් කළේය.

කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාදීතයෙකු හඳුනාගත්විට එම කර්මාන්තශාලාව හෝ ව්යාතපෘතිය එක්වරම වසා දැමීම වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යාහැකි පරිසරය ඇතිකිරීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top