පරිසර අමාත්‍යාංශය

පරිසර අමාත්‍යාංශය ආක්‍රමණශීලි ශාකවලින් වල්නාශකයක් නිපදවයි

පරිසර අමාත්‍යාංශය සූදානම් වෙන්නේ පරිසරයෙන් වහා ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාක වර්ග කිහිපයක් යොදා ගනිමින් අති ප්‍රබල ස්වභාවික වල්නාශකයක් නිපදවීමටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක, කාබනික වගා වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දක්වමින් මේ පියවර ගැනෙන අතර, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමඟ රසායනික කෘමි නාශක හා වල් නාශක භාවිතයද මෙහිදී තහනම් කෙරෙන බැවින්, වගාවේ වල් මර්දනයට සුදුසු වල් නාශකයක් නොමැතිවීම නිසා ගොවීන් අසීරුතාවට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

රසායනික පොහොර සමඟ කෘමි නාශක හා වල් නාශකද තහනම් කෙරෙන බැවින් තේ හා රබර් කර්මාන්තයේදී මෙන්ම වී ගොවිතැනේදී ද අවශ්‍ය තරම් මිනිස් ශ්‍රමය ගැනීමට ඇති අපහසුව නිසා ගොවීහු මෙන්ම වගාකරුවෝද දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිති. එම නිසා ඊට විසඳුමක් වශයෙන් මෙරට ශීඝ්‍රයෙන් හානි කර ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන මේ ආක්‍රමණික ශාක වර්ග යොදා ගනිමින් සාර්ථක වල් නාශකයක් නිපදවීමේ හැකියාවක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top