හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතාගේ සමුගැනීම මෙම සතියේදී හමුදා කේෂ්ත්‍රය කනගාටුවට පත්කර තිබුණි. නිදහස් ලංකාවේ නිත්‍ය භට හමුදාව සඳහා පළමුවරට කෙඩෙට් නිලධාරීන් සඳහා ඇබෑර්තු කැඳවන ලද්දේ, 1949 වසරේ ඔක්තෝබර් දහවෙනිදාය. ඒ වන විටත් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරීන් ලෙස සේවය කරන ලද්දේ, බි්රතාන්ය ජාතිකයෝය.
1949 කැඳවන ලද කෙඩෙට් නිලධාරී පාඨමාලාව සඳහා අයදුම් කරමින් ලංකා යුද හමුදාවට එක්වූ සිරිල් රණතුංග මහතා, සිය පුහුණුව ලබන ලද්දේ, බි්රතාන්යයේ රාජකීය යුද හමුදා විද්‍යා පීඨයෙනි. රාජකීය යුද හමුදා විද්‍යා පීඨයේ අධිකාරිය ලත් නිලධාරීන් සඳහා පවත්වන අවසන් පෙළපාලිය හඳුන්වනු ලබන්නේ, රාජකීය පෙළපාලිය ලෙසය. පෙළපාලියෙන් ගමන් කරන සියලූ කෙඩෙට් නිලධාරීන් සහ ඔවුන්ගේ පසුපසින් අසු පිටින් පැමිණෙන විධායක අධිකාරීන්, විද්‍යාලයයේ පියගැට පෙළ නැගීමෙන් පසුව එහි ඇති දොරටුව විවර වෙයි. සියලූදෙනා විධායක අධිකාරි දොරටුවෙන් ඇතුල් වූ පසු එම දොරටුව වසා දමනු ලැබේ.
මේ සමග අදාළ පුහුණුව ලැබූ සියලූදෙනා වෙත අධිකාරිය පැවරීම සිදුවේ. මෙම අධිකාරිය පැවරීමේ කර්තව්‍යය සඳහා රජතුමා පෞද්ගලිකවම සහභාගී වන අතර කලාතුරකින් අවස්ථාවකදී ඔහුගේ නියෝජිතයකු ලෙස රජ පවුලේ සාමාජිකයකු සහභාගී වන අවස්ථා ද නැත්තේ නොවේ.
සිරිල් රණතුංග ඇතුළු පිරිස අධිකාරිය ලබා දිනය වන විට හය වෙනි ජෝර්ජ් මහ රජතුමාගේ අභාවය සිදුව තිබුණ බැවින්, වසර දෙසියයකට වඩා ඉතිහාසයක් ඇති රාජකීය යුද හමුදා විද්‍යා පීඨයේ පෙළපාලියක් එදින ප්‍රථම වරට අවලංගු කිරීමට සිදුව තිබුණි. මේ හේතුවෙන් උත්සව රහිතව චාරිත්‍රයක් ලෙස පමණක් එම කර්තව්‍යය එදා ඉටු විය.
පසුව මහා බි්රතාන්යයේ රාජ්‍යත්වයට පැමිණි දෙවන එළිසබෙත් මහ රැජනගේ මූලිකත්වයෙන් පවත්වන ලද පළමු අධිකාරි භට කණ්ඩායම සඳහා සිරිල් රණතුංගට ඇතුළු වීමට හැකි විය. පුහුණුවෙන් පසු ලංකා යුද හමුදාවේ පාබල හමුදාව සඳහා දෙවන ලූතිනන්වරයකු ලෙස රණතුංග පත් වීම් ලැබුවේය. 1953 වසරේ හාර්තාලය, දේශපාලනමය පමණක් නොව හමුදාමය අතින් ද ලංකා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සටහන් කළේය, නිදහසින් පසු ජීව උ ණ්ඩ යොදා වෙ ඩි තැබීමේ නියෝගය සහිතව හමුදාව කැඳවන ලද ප්‍රථම අවස්ථාව එය විය.
මේ සඳහා සේවය කිරීමෙන් පසුව 1955 ඔක්තෝබර් 10 වෙනිදා පිහිටුවන ලැබූ පළමු වන විමර්ශන රෙජිමේන්තුව සඳහා ඉල්ලූම් කරමින් එහි ආරම්භක නිලධාරියකු ලෙස ලූතිනන් සිරිල් රණතුංග එම රෙජිමේන්තුවට එක් විය. අවසානයේදී සන්නාහ සන්නද්ධ බළකාය බවට පත්වූයේ මෙම විමර්ශන රෙජිමේන්තුවය.
1971 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන ලද කැ රැල්ල ම ර්දනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක ලෙස පත් කරනු ලැබූ සිරිල් රණතුංග, සිය සන්නද්ධ රථහි සවි කර ඇති ඇති තුවක්කු පරීක්ෂා කර බලන ලද්දේ, මාවනැල්ල අසල පිහිටි බතලේගල කන්ද වෙත වෙ ඩි තැබීමෙනි. මෙම අත්හදා බැලීම කැ රලිකරුවන් අතර භීතිය ජනිත කරලීම හේතුවෙන් ඔවුහු කෑගල්ල බල ප්‍රදේශය අතහැර යෑමට, එය ප්‍රධාන හේතුවක් වූ බව පැවසේ.
මෙසේ ගලා ගිය සිරිල් රණතුංගගේ හමුදා ජීවිතය 1977 ජනවාරි පළමු වෙනිදා හමුදා ලේකම්, 1978 ජනවාරි පළමුවෙනිදා බටහිර ආඥාපති, 1978 පෙබරවාරි හතර වෙනිදා බි්රගේඩියර් නිලයට උසස් වීම, ආදියෙන් සමන්විත විය. 1981 සැප්තැම්බර් මාණ්ඩලික ප්‍රධානි සහ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති යන තනතුරු ලැබූ ඔහු උතුරේ ප්‍රදේශයේ හමුදා බුද්ධි කටයුතු විධිමත් ආකාරයෙන් ස්ථාපිත කිරීමේ ප්‍රමුඛයා විය.
‘ඔපෙරේෂන් රවුන්ඩ් අප්’ මෙහෙයුම මගින් දෙමළ ත් රස්තවාදීන් තිස් දෙනෙකුගේ ඡායාරූප දිවයින පුරා ප්‍රදර්ශනය කර ඉන් විසි පහකට අධික ත් රස්තයන් සංඛ්‍යාවක් අල්ලා ගැනීමට හමුදාවෝ සමත් වූහ. 1983 වසරේදී හමුදා සේවයෙන් සමුගත් බි්රගේඩියර් සිරිල් රණතුංග ඒ සමගම ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක ධුරයට රජය විසින් පත් කරන ලදී.
උතුරේ සන්නද්ධ ත්ර ස්තවාදය හිස එසවීම වර්ධනයවත්ම, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ක්‍රියාන්විත හිදී ඒකාබද්ධ කිරීම සඳහා නව ඒකකයක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපිත කරන ලද්දේ 1985 පෙබරවාරි 11 වෙනිදාය. එහි ප්‍රධානියා වූ බුල් වීරතුංග මහතා මාස කිහිපයක් අදාළ තනතුර දැරීමෙන් පසුව කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම හේතුවෙන් ලූතිනන් ජෙනරාල් ධුරයට උසස් කරමින් සිරිල් රණතුංග මහතා, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානියා බවට පත් කිරීමට ජනාධිපති ජයවර්ධන පියවර ගත්තේය.
එල්ටී ටීඊ නායකයන් ඉලක්ක කර ගනිමින්, ඔවුනට හිස එසවිය නොහැකි පූර්ණ යුද්ධයක අවශ්‍යතාවය සිය සිත තුළ ජනිත කර ගත්, ලූතිනන් ජෙනරාල් සිරිල් රණතුංග, සිය අදහස සහ අවශ්‍යතාවය බි්රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් ලයනල් බලගල්ල, ලූතිනන් කර්නල් සුනිල් තෙන්නකෝන්ට විස්තර කිරීමෙන් පසුව එම සතර දෙනා විසින් සකස් කරන ලද මූලික සැලසුම ප්‍රකාරව වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම දියත් විය.
එල් ටීටීඊ සංවිධානය වි නාශ කිරීම සඳහා 1987 වසරේ මැයි 26 දින මෙහෙයුමේ අණදෙන්නා ලෙස ලූතිනන් ජෙනරාල් සිරිල් රණතුංගගේ ප්‍රධානත්වයෙන් බලසේනා ත්‍රිත්වයකින් වඩමාරච්චි මෙහෙයුම ආරම්භ විය. කර්නල් විජය විමලරත්න පළමු බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද, බි්රගේඩියර් ජෙරී ද සිල්වා දෙවන බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙස හා බි්රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව තුන්වන බළසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද මෙහිදී රණබිමට නායකත්වය ලබා දුන්හ. යුද, නාවික සහ ගුවන් සෙබළුන් 8000ක් පමණ දායක වූ වඩමාරච්චි මෙහෙයුම ත් රස්තවාදය සුනුවිසුණු කරමින්, දියත් වන්නට විය.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එදා වඩමරච්චි මෙහෙයුමේ දී සංග්රාම භූමියේදී සක්‍රිය යුද හමුදා නිලධාරීන් ලෙස කටයුතු කළහ.
යුද හමුදාපති ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී සහ ත්ර ස්ත නායකයන් අසරණව සිටියදී, ඉන්දීය බලපෑම මත ජනාධිපති ජයවර්ධන අසරණභාවයට පත්ව සිටියේය. ඔහු, ලුතිනන් ජෙනරාල් රණතුංග කැඳවා අති සාර්ථක ලෙස දියත් වෙමින් තිබූ විමුක්ති මෙහෙයුම පැය දෙකක් තුළ නතර කිරීම සඳහා අණදෙන ලෙස ප්‍රකාශ කළේය. ඒ අනුව ත්ර ස්තවාදය අවසන් කිරීම සඳහා දියත් වෙමින් තිබූ ජයග්‍රහණයේ මුව විට දක්වා පැමිණි විමුක්ති මෙහෙයුම නතර කරනු ලැබිය.
ජනාධිපති පේ‍්‍රමදාස සමයේදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන ලද ජෙනරාල් සිරිල් රණතුංග මහතා එල්ටී ටීඊ යට අවි ආ යුධ ලබාදීමට සඳහා පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගත් තීන්දුවට එරෙහිවීම හේතුවෙන් ඔහු ඔස්ටේ්රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර යැවීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
ඔහුගේ සොහොයුරා වූ චන්ද්‍රා රණතුංග, පේ‍්‍රමදාස ජනාධිපතිවරයා යටතේ, නිවාස සහ ගොඩනැගිලි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 1993 මැයි මස පළවැනිදා ජෙනරාල් සිරිල් රණතුංග සිය තනතුර භාර ගැනීම සඳහා ඔස්ටේ්රලියාවට පය තබන විට ජනාධිපතිවරයා ඝා තනය කරන ලද බව සැලවී තිබේ. පසුව බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තනතුර දරන ලද ඒ මහතා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ද කලක් කටයුතු කළේය.
සිය ජීවිතයේ සෑඳෑ සමයේ මාවනැල්ල සිය ගම් පියසේ වගා කටයුතු හි නියැලෙමින් ඔහු ගත කළේය. මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතා මිය යන විට වයස අවුරුදු 91ක් සපුරා තිබුණි. පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වය පමණක් සහිතව පසුගිය බ්‍රහස්පතින්දා දහවල් ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කළේය.
මෙරට හමුදා ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු එසේ සමුගන්නා අතරේදී මෙරට දිවි ගෙවූ වයස්ගතම හමුදා සෙබළා දිවියෙන් සමුගැනීම ද මේ සතියේ සටහන් විය.
නිදහස් යුගයට පෙර පැවැති 2 වන රාජකීය බි්රතාන්ය හමුදාවේ, කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අංක 410 දරණ තුවක්කු සෙබළ එස්. ඩබ්ලිව්. ගුණපාල (විශ්‍රාමික) මහතා පසුගිය 15දා අම්බලන්ගොඩ, අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.
1943.01.20 වන දින සිට 1945.02.06 වන දින දක්වා රාජකීය බි්රතාන්ය හමුදාවට සේවය කළ තුවක්කු සෙබළ එස්. ඩබ්ලිව්. ගුණපාල, බි්රතාන්ය හමුදාවට සේවය කළ මෙරට ජීවත් වූ වයස්ගතම සොල්දාදුවා විය. වර්ෂ 1939-1945 කාලය තුළ 2 වන ලෝක සංග්‍රාමයට දායක වූ ගුණපාල, බි්රතාන්ය හමුදාවට කරන ලද සේවය අගය කරමින් සම්මානයක් ද පිරිනමා තිබේ.
වසර 103ක් ආයු ලැබ නික්ම ගිය එස්.ඩබ්ලිව්. ගුණපාල මහතාගේ දේහය අහුන්ගල්ල ධම්මතිස්ස මාවතෙහි පිහිටි සිය නිවසේ තැන්පත් කර පසුව අහුන්ගල්ලේදී ආදාහන කටයුතු සිදුකරන ලදී.
– මනෝජ් අබයදීර