රුසියාවේ රූ රැජින තරගයෙන් දෙවනි තැන දිනූ ශ්රී ලාන්කික යුවතිය..
රුසියාවේ පැවති 2021 MISS SAPPHIRE WORLD රූ රැජින තරගයෙන් දෙවනි ස්තානය දිනා ගැනීමට ලන්කාවේ අපණ්ණක කුලියාපිටිය සමත් වූවාය. ඇය උසස් අදයාපනය හදාරමින් රුසියාවේ පිටර්ස්බර්ග් හී දිවි ගෙවන යුවතියක් වන අතර වෘත්තියෙන් ගුරුවරියකි.තරගාවලියේ අවසන් වටය සදහා තෝරාගත් තරගකාරියන් අතර කලු සමක් සහිත තරගකාරියක් වුයේ ඇය පමකනක් වීම ද විශේෂයක්.
මෙම තරගාවලියේ ප්රථම ස්ථානය රුසියානු ජාතික තරගකාරියක වූ ෆයානා විසින් දිනා ගත්තාය.
ජයග්රහණයෙන් අනතුරුව රුසියාවේ සිට අදහස් දැක්වූ අපණ්ණක ‘මම හිතුවේ නෑ මේකේ ස්ථානයක් ගන්න මට පුළුවන් වෙයි කියලා. අනිත් එක මේ තරගාවලියේ ගොඩක් අය රුසියානු භාෂාව කතා කළා. නමුත් මට මගේ කතාව ඉංග්රීසියෙන් කරන්න ඒ අය ඉඩ දුන්නා. මගේ අම්මයි අප්පච්චියි මට ලොකු විශ්වාසයක් දුන්නා‘ යි පැවසුවාය.
වැඩිදුරටත් ඇය අදහස් දක්වමින්, ‘ලංකාවේදී මම අනන්ත ප්රශ්න වුණා. හිත් රිදුණ ඒවා තමා වුණේ. මම කැමති මගේ ස්වාභාවික විදිහට යන්න. මම කළුයි. ඒත් මට කවදාවත් සුදුවෙන්න ඕන වුණේ නෑ. මගේ දත්වලට පවා චෝදනා කරපු අවස්ථා තිබුණා. නමුත් මෙහෙ මටඒක තමා හොඳ කිව්වා. මම මාව හැටියටම ඒ අය පිළිගත්තා. මාව වෙනස් කරලා ගන්න දිනුමක් මට වැඩක් නෑ’ යි පැවසුවාය. ස්වාභාවික විදිහට ඉස්සරහට යන්න