රටට අගෞරව කරන ක‍්‍රීඩකයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග… ක‍්‍රීඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි

ක‍්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවයට නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් අදාළ විනය ක‍්‍රියාමාර්ග ගන්නවා. එය ක‍්‍රිකට් හා මලල ක‍්‍රීඩාව ඇතුළු සෑම ක‍්‍රීඩාවකටම අදාළයි’ යනුවෙන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිම්න්තුවේදී පෙරේදා (08 වැනිදා* පැවසීය.

මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනුත් සුගතදාස අධිකාරිය නව වාර්තාවක් එවා තිබෙනවා. ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. සාක්ෂි එක්ක තියෙන මේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රම්නාත් සී දොලවත්ත මහතා විසින් සභාව කල්තබන අවස්ථාවේ අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය. මේ රටේ ක‍්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් තිබුණත්, එය කෙතරම් ඉහළ සාධනීය මට්ටම් වලට පැමිණ තිබුණත් අපේ රටේ ක‍්‍රීඩාලෝලීන්ගේ හදවතේ තවමත් තියෙන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවයි! මෙතන සිටින ඇමැතිවරුන් රැුසක් ඇතුළු අපි සියලූ දෙනාගේත් හදවතේ නිරන්තරේ තියෙන ක‍්‍රීඩාව තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාව. එහි පොඩි පසුබෑමක් තියෙනවා. අපි එය පිළිගත යුතුයි.

1996න් පටන් ගත්තහම ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපි ලෝක කුසලාන 4ක අවසාන මහා තරඟ වලට ආවා. ලෝක කුසලාන දෙකක් අපි ජයග‍්‍රහණය කෙරුවා. හැබැයි මේ හැම කාලසීමාවක් තුළම පාසල් ක‍්‍රීඩාවේ ඉඳන් දේශීය ක‍්‍රීඩා සංගම් දක්වා එතනින් එහාට සංවර්ධනාත්මක කණ්ඩායමත් development squad  සහ A සංචිතය ආදී කණ්ඩායම් දිගින් දිගටම ක‍්‍රියාත්මක වුණා. අනික් පැත්තෙන් ක‍්‍රීඩා කිරීමේ අඛණ්ඩතාවයක් තිබුණා. ජාතික කණ්ඩායමට යෑමට අපොහොසත් වුණොත් ඒ කණ්ඩායම සමග ඉදිරියට යෑමට ක‍්‍රීඩකයෙක්ට හැකියාව තිබුණා. එයින් නැවතත් දේශීය සංගම්වලට එන්න හැකියාව තිබුණා. නමුත් 2004 ජයග‍්‍රහණයත් එක්ක මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක වුණේ නැහැ. අද ඔබ දකිනවා ඇති ජාතික කණ්ඩායමේ එහෙම නැත්නං සංචිතයේ දස්කම් දක්වලා නැත්නම් දස්කම් දක්වන්න බැරි වුණොත් ඒ ක‍්‍රීඩකයාට අතරමැද අවස්ථාවක් නෑ. ආයෙ එන්නෙ domestic cricket  වලින්. එතන දස්කම් දැක්වූවොත් නැවත යනවා අන්තර්ජාතික මට්ටමට. එතන අතරමැදි තත්ත්වයක් නෑ මේ දෙක අතර විශාල පරතරයක් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top