සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුල් දෙකකින් රංගන ක්ෂේත්රයට පැමිණ මේ වනවිට ජනප්‍රිය තලයක සිටින තරු යුවළක්. පසුගිය අගෝස්තු මාසයේ මේ දෙපළ විවාහ වුණා. පසුගිය සතියේ මේ දෙපළගෙන් සුබ ආරංචියක් අපිට අහන්න ලැබුණා. ඒ මේ යුවළට ළඟදීම මව් පිය පදවි ලැබෙන බව. ඒ වන විට දිනක්ෂි හිරු නාළිකාවේ විකාශය වන හිරු සුපර් ඩාන්සර් රියැලිටි වැඩසටහනෙහි නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටියේ. ඇය ගැබිනියක් නිසා එම වැඩසටහනෙන් ඉවත් වීමත් සමඟයි මේ ආරංචිය හැමෝටම දැනගන්න ලැබුණේ. මේ දෙපළ කළලයේ ස්කෑන් පිටපතක් සමඟ පසුගිය දිනෙක සමාජ මාධ්‍යයේ ඡායාරූපයක් පළ කරමින් කියා සිටියේ ඔවුන්ගේ ජීවිතයේ සුන්දරම කාලය මේ වනවිට ගත කරමින් සිටින බවයි.
උතුම් මව් පදවියට සූදානම් වෙනවා. මේ නිසාම දිනක්ෂිගේ ශරීරය පරිපුන් වෙලා ඇයගේ සැබෑ වෙනසක් දැකිය හැකියි.ඒ වගේම අම්මා කෙනෙක් වෙන්න ඉන්නකොට බලන්න පිං පාටවෙලා.මේ වගෙම තමයි හැම අම්මා කෙනෙක්ම පදවියට සූදානම් වෙන පිං පාට වෙනවා.ඒ හැම අම්මා කෙනෙක්ටම නිරෝගිමත් පිං වන්ත දරු උපතකට අපිත් ආශිර්වාද කරනවා.