ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම සිටින රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඇයගේ සුන්දර දඟකාර පෙනුමට හැමෝම ගොඩක් ආදරෙයි. පියුමි කළා ලෝකයට පිවිසෙන්නේ නිරුපිකාවක විදියට. අයගේ ගම කඳාන ඒ වගේම පියුමි අධයාපනය හදාරන්නේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන්. පියුමි මුලින්ම රංගනයෙන් දායක වුනේ සන්ද්‍යා මෙන්ඩිස්ගේ ‘අරුමවන්ති’ කියන ටෙලි නාට්‍යයේ ‘සාරා’ කියන චරිතය. ඒ වගේම පියුමි කියන විදියට ඇය රඟපාන්න කැමතිම නළුවා තමයිලු ශාරුක් ඛාන් ඉතින් ඒ පිලිබඳ පියුමි කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම මම ගොඩක් ආසයි ශාරුක් ඛාන් එක්ක රඟපාන්න. මට කවදාහරි බොලිවුඩ් සිනමාවට යන්න අවස්ථාව ලැබුණොත් අනිවාර්යෙන්ම යනවා. ඒක මට හීනයක් වගේ. බලමු කවදා හරි ඒ හීනේ හැබෑ වෙයිද කියලා”
පියුමි කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් වුනත් ඇයට කළා යාළුවො ගොඩක් නෑ ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” මට කළා ලෝකයේ ගොඩක් යාළුවෝ නැහැ මම හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින් පාසලේදී හිටිය යාළුවෝ තමයි දැනටත් මගේ හොඳම යාළුවෝ අලුත් යාලුවෝ හිටියත් ඒ අය ලොකුවට ආශ්‍රේ කරන්නේ නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පියුමිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ