Ishtha

ලංකාවේ තරුණයින් වශීකර ගත් හැඩකාර විසේකාර සුරූපී ඉෂී අම්මා

වර්තමානයේ ලාංකීය රූපවාහිනී නාලිකාවන් ලාංකීය ටෙලි නාට්‍ය පමණක් නොවෙයි ඉන්දීය ටෙලි නාට්‍යය රැසක්ද විකාශනය කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ ලාංකීය ටෙලිනාට්‍ය වලට මෙන්ම ඉන්දීය ටෙලි නාට්‍යය සදහාද ලාංකික ප්‍රේක්ෂකයන් ප්‍රියතාවයක් දැක්වීම නිසාවෙනුයි. ඉතින් එලෙස ලාංකීය ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් අතර ජනප්‍රියත්වයට පත් සුවිශේෂ ටෙලි නාට්‍යයක් තමයි වසර ගණනාවක සිට සිරස නාලිකාවේ විකාශය කෙරෙන ” මේ ආදරයයි ” ටෙලිනාට්‍යය කියන්නේ.

ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ඉෂිතා බල්හා කියන චරිතයට සිය රංගන දායකත්වය දක්වනුයේ දිව්‍යංකා ත්‍රිපාති කියන රංගන ශිල්පිනියයි. ඇත්තෙන්ම ඇය ලාංකීය ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ ආදරය දිනාගත් චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ආදරණීය නාමයක් ලෙස තමයි ඇයට ඉෂි අම්මා කියලා කියන්නේ.

ඉන්දීය රූපවාහිනී නිලියක් වශයෙන් ජනප්‍රියත්වයට පත් දිව්‍යංකා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයද හිමිකර ගනු ලැබීය. ඒ බානූ මේන් තේරි දුල්හාන්හි කතා මාලාවේ ද්විත්ව චරිත නිරූපණය කිරීම වෙනුවෙනුයි.

කොහොම ඉතින් 1984 වර්ෂයේදී උපත ලබන ඇය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව කඳු නැගීමේ පාඨමාලාවක් ද හදාරා තිබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ. නිවේදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය පසුකාලීනව රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර ඇගේ දක්ෂතා දුටු අධ්‍යක්ෂකවරු බොහොමයකගෙන් ඇයට ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙන අතර 2013 වර්ෂයේදී ඇය ලංකාවේ මේ ආදරයයි ලෙසින් හැඳින්වෙන යේ හේ මොහබ්බතයින් කියන ටෙලිනාට්‍යයේ වෛද්‍ය ඉෂිතා භල්ලාගේ චරිතයට සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. ඒ වගේම ඇය මීට වසර ගණනාවකට පෙරදී ලංකාවටත් පැමිණියා ඔබට මතක ඇති කියලා අපි හිතනවා. ඉතින් අද අපි මේ සම්මානලාභී ඉන්දීය නිළියගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Ishitha Balha

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top