ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාව සංවිධානය කෙරුණු දෙරණ “ලිට්ල් ස්ටාර්” තරඟාවලිය ඔස්සේ නවක ගායන ශිල්පීන් රැසක් හදුන්වා දෙනු ලැබීය. ඉතින් මෙම තරගාවලිය ඔස්සේ බිහිව විශාල ජනප්‍රියත්වක් ලබාගත් යොවුන් ගායන ශිල්පිනියක් තමයි ඔෂානී සංදීපා කියලා කියන්නේ.
ගායන තරගාවලියේදී ලද ජයග්රහණයෙන් නොනැවතී ඇය ඉදිරියටම පැමිණි අතර වර්තමානය වනවිට රටක් හදුනන ගායන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා. කොහොම නමුත් සිය උත්සාහය සහ කැපවීම නිසාවෙන් ජනප්‍රියත්වයට පත් ඇය නිරන්තරයෙන් වේදිකාව තුළ දැකගන්නට ලැබුණත් ඇය වර්තමානයේදී නම් වැඩිය වේදිකාව තුළින් දකින්නට ලැබෙන්නේ නැහැ
කොහොමහරි ඉතින් මීට ටික කලකට පෙරදී ඇය පිළිබද සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා බහට ලක්විය. ඒ ඇයට මේ තැනට එන්න අත දීපු අය අමතක ව ඇති බව පවසමිනුයි. කොහොම නමුත් ඒ කතාවත් සමගින් ඇය හැමෝගෙන්ම සමාව ඉල්ලා තිබුනේ එවැනි දෙයක් සිදු නොවූ බව පවසමිනුයි. හැරදාලා යන්නට තරම්, අවසාන ප්‍රේමයයි මාගේ, හිතුමතින් ලන් වෙලා, දෑත අල්ලා… වැනි ගීත ගායන කළ ඇයට ඉතාමත් ඉක්මනින් ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්වීමට හැකිවිය
ඒ වගේම තමයි මේ යොවුන් ගායන ශිල්පිනියට මේ තැනට එන්න මූලික වශයෙන් උදව් උපකාර කර සිටියේ ඇගේ ටියුෂන් පන්තියේ ගුරුවරයෙකු විසිනුයි. ඒ බව රහසක් නොවෙයි. ඇත්තෙන්ම ඔහු ඇගේ ගීතයක් දුරකථනය මගින් රූ ගත කර සමාජ මාධ්‍යට මුදා හැරීමට කටයුතු කළ අතර ලාංකිකයන් රැසකගේ අත හිත ඇයට හිමිවිය. ඉතින් මේ යොවුන් ගායන ශිල්පිනියගේ ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනා එක් කරන අතරම ඇගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා