සුරූපී ජනප්‍රිය නිලි ශනුද්‍රි ප්‍රියසාද්

“ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවා ඒක වෙනසකටත් එක්ක හොඳයි කියලා ” සුරූපී ජනප්‍රිය නිලි ශනුද්‍රි ප්‍රියසාද්

ප්‍රියසාද් පවුල කියලා කියන්නේ ලාංකීය ජනතාව අතර සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් කලා කරුවන් රැසකගෙන් සමන්විත පවුලකි. ඉතින් මේ පවුලේ ඉන්න ජනප්‍රියත්වයට පත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. කොහොම නමුත් රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ඇයව අපට වර්තමානයේ ලාංකීය රූපවාහිනී නාලිකාවන් රැසක් ඔස්සේ දැකගන්නට ලැබෙනවා

වර්තමානය වනවිට අපට ඇයව කොළඹ ඉතාලිය, තාදී, දිවිතුරා ගමනේ යා වැනි ටෙලි නාට්‍ය රැසක් ඔස්සේ දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් ලාංකීය තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත් මේ යොවුන් රංගන ශිල්පිනිය පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එකතුවෙලා තිබුණා. එහිදී ඇය ඇගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් කියලා තිබුනේ මෙවැනි කතාවකුයි

ම මෙගා වැඩවලින් ටිකක් ඈත් වුණා. මට ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවා ඒක වෙනසකටත් එක්ක හොඳයි කියලා. ඒ වගේම හැමදාම මාව එක ටෙලිනාට්‍යයකින් දැකලා මිනිසුන්ට එපා වෙනවාට වඩා ඔවුන්ට මතකයේ රැදෙන නාට්‍යයකට දායක වෙනව කියන අදහසේ තමයි මම හිටියේ.

හැබැයි එහෙමයි කියලා මෙගා වැඩ භාර නොගෙන ඉන්නේ නැහැ. බොහෝ වෙලාවට මාව හිරු නාළිකාවේ මෙගා වැඩකින් ඔයාලට ඉදිරියේදී දැක ගන්න ලැබේවී ” කියලයි ඇය එහිදී කියලා තිබුනේ

Shanudhri

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top