විරාට් කෝලි කියලා කියන්නේ වර්තමානය වනවිට ලොව ඉන්න දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දැනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහුගේ ආදරණිය බිරිඳ වන්නේ අනුෂ්කා ශර්මා යි. ඇය බොලිවුඩයේ සුරූපී නිළියකි. ඉතින් අද අපි ඔවුන්ගේ සුන්දර ආදර කතාව මේ විදිහට අරගෙන එනවා
ඉතින් විරාට් සහ අනුෂ්කා දෙන්නා මුලින්ම හමු වෙන්නේ 2013 වසරේදි යි. ඒ රුපවාහිනියේ clear ෂැම්පු වෙළඳ දැන්වීමකට රංගනයෙන් දායක වෙන්න දෙදෙනාටම අවස්තාව ලැබුණ වෙලාවකයි. ඉතින් එලෙස හමුවන ඔවුන් දෙන්නා හොදම මිතුරන් බවට පත්වෙන අතර පස්සේ ඔවුන් දෙන්නා නිතර නිතර මුනගහෙන්නත් පටන් අරගෙන තිබෙනවා
2014 ජනවාරියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවති ක්‍රිකට් තරඟාවලිය අවසන් කරලා මුම්බායි ගුවන් තොටුපලට පැමිණි වෙලාවේ අනිත් ක්‍රිඩකයින් ඒ අයට නවාතැන් ගන්න තිබුන හෝටල් වලට ගියත් විරාට් යන්නේ අනුෂ්කා ඉන්න මහල් නිවාස සංකීර්ණයටයි.
ඉතින් මේ දෙන්නාගේ ආදර කතාව ගැන මුලින්ම කතා පැතිරෙන්න ගත්තේ මේ සිදුවීමෙන් පස්සේදී තමයි. නමුත් මාධ්‍ය වලින් අහනකොට ඔවුන් දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා දෙන්නම පිළිඅරගෙන නැහැලු. මේ දෙන්නා පුළුවන් හැම වෙලාවේම හමුවෙන්න ගිහින් තිබෙනවා
කොහොමහරි ඉතින් 2014 අග අනුෂ්කා Bombay Velvet චිත්‍රපටය රූපගත කිරීමට ලංකාවට පැමිණි වෙලාවේ ඇයව පුදුම කරමින් විරාට් කෝලිත් ලංකාවට පැමිණ තිබුණා. 2014 මැයි පළමුවැනිදා අනුශ්කාගේ 26 වෙනි උපන් දිනය යෙදී තිබුණු අතර ඇගේ උපන්දිනය වෙනුවෙන් කෝලි අනුශ්කාව බලන්නත් ගිහින් තිබුණා
ඉතින් ඒ ගැන මාධ්‍යයේ විශාල කතාබහකට ලක්වුණා. කොහොම නමුත් මේ කපල් එක පලමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ 2014 නොවැම්බර් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වූ ක්‍රිකට් තරඟයක් අතරතුරයි. එදා තරඟය බලන් හිටිය දහස් ගානක් ප්‍රේක්ෂකයන් මැද්දේ පිටිය මැද්දේ ඉඳන් විරාට් කෝලි ලකුණු 50 ක් ගහලා බැට් එකෙන් අනුශ්කාට flying කිස් එකක් ලබා දෙනවා.
ඉතින් විරාට් 50 ගැහුවම ප්‍රේක්ෂකාගාරයට වෙලා අත්පුඩි ගහන අනුෂ්කාවත් TV එකේ පෙන්නනවා. ඒ දවස්වලනම් තමයි විරාට් අනුෂ්කා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා පිළිඅරගෙන තියෙන්නේ