.
2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඇයට පදක්කමක් අහිමි වූයේ සෙන්ටිමීටර දෙකකින් පමණි. .
2017 වසරේදී උරහිසේ ආබාධයකට ගොදුරු වූ ඇය 2018 දී අස්ථි පිළිකාවක් වැළඳුණු අතර සුවය ලැබීමෙන් පසු මේ මස මුලදී ටෝකියෝහිදී සිය පළමු ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් ඇය නැවත පැමිණියාය
ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය කිරීමෙන් පසුව, ළමයෙකුගේ හෘද සැත්කමකට උදව් කිරීමට අවශ්‍ය වී තිබේ.
මාරියා මැග්ඩලිනා ඇන්ඩ්‍රෙජ්සික් පසුගිය සතියේ ෆේස්බුක් හරහා නිවේදනය කළේ තමාගේ පදක්කම විකුණා එයින් ලැබෙන ආදායම මාස 8 ක් වූ මිලොසෙක් මලිසාගේ සැත්කමකට යොමු කරන බවයි.
රිදී පදක්කම සඳහා ඩොලර් 125,000 ක් ගෙවා පෝලන්ත වෙළඳසැල් ජාලය වන සබ්කා ඉහළම ලංසුව තැබූ බව මාධ්‍ය වාර්තා කරයි.
නමුත් එම වෙළදසැල් ජාලය පදක්කම නැවත මාරියා මැග්ඩලිනා තබා ගැනීමට ඉඩ දී තිබෙනවා.
පෝලන්ත භාෂාවෙන් පරිවර්තනය කරන ලද ෆේස්බුක් සටහනක සමාගම පැවසුවේ “අපේ ඔලිම්පියානුවාගේ ලස්සන හා අතිශයින්ම උදාර ඉරියව්වෙන් අපි පෙලඹුණෙමු. “ටෝකියෝවේ රිදී පදක්කම ඇය කොතරම් ශ්‍රේෂ්ඨද කියා පෙන්වූ මාරියා මහත්මිය සමඟ රැඳී සිටීමට අපි තීරණය කළෙමු.“ යනුවෙනි.