Sri lanka cricket

ලෝක කුසලානය හා ආසියානු කුසලානය වෙනුවෙන් 26 දෙනෙකුගෙන් යුත් යොවුන් සංචිතයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 19න් පහළ පුහුණු සංචිතයක් නම් කර තිබෙනවා.

ඒ, එළඹෙන යොවුන් ආසියානු කුසලානය හා යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින්.

කණිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් මෙම 26 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ඇත්තේ යොවුන් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමය හා පළාත් ක්‍රිකට් සංගම් සමග එක්ව සිදු කළ වැඩසටහනක් ඔස්සේ හදුනා ගත් අදාළ ක්‍රීඩකයින් 75 දෙනා මහනුවර දී නේවාසික පුහුණු කදවුරක් සදහා ද මීට පෙර යොමු කර තිබුණා.

දක්ෂතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතා සැසි මෙන්ම පුහුණු තරග කිහිපයක් ද මෙහිදී පවත්වා තිබූ අතර, සියලු ක්‍රීඩකයින් කණ්ඩායම් 5කට බෙදා වෙන් කර තිබූ බව සදහන්.

එනම්, කොළඹ (උතුර හා දකුණ ලෙස කණ්ඩායම් දෙකක්), දඹුල්ල, ගාල්ල හා මහනුවර යනුවෙන් එම කණ්ඩායම් නම් කර තිබුණා.

ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් සංචිතය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top