සති 25කින් උපත ලද ඇපල් ගෙඩියක් තරම් වූ ලොව කුඩාම බිලිඳා ගැන අහන්න ලැබුණු සතුටුදායක කතාව

ලෝකයේ ඇපල් ගෙඩියක් තරම් බරින් යුතු  අඩුම කුඩාම බිලිඳා නිරෝගීව සිටිනවා අහන්න ලැබීම හැමෝගෙම හිතට සතුටක් දැනෙන කාරණයක්. ඉතින් අපි අද ඔබ වෙත ගෙන එන්නට සුදානම් වන්නේ මේ පුංචි සිඟිත්තිය ගැන තොරතුරු සමඟින් ඇගේ ආදරණීය ජායාරූප පෙළක්.

මෙම දරුවා ඉපදෙනකොට ඇගේ බර ග්රෑම් 212ක් කියලයි වාර්තා වෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඇපල් ගෙඩියකට සමානයි. ඇගේ උස අඟල් 24ක් බවයි සඳහන් වෙන්නේ. සිංගප්පුරු රෝහලක 2020 ජූලි මාසයේ ඉපදුණු මේ පුංචි බිළිඳිය නමින් Kwek Yu Xuan වෙනවා. මාස 13ක් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබලා පහුගිය දවසක තමයි ඇය තමන්ගේ දෙමව්පියන් ලඟට එන්නේ. සාමාන්‍ය දරු උපතක් සිදුවන්නේ සති 40කින් නමුත් ඇය මේ ලෝකයට බිහි කරන්න ඇගේ මවට සිදුවන්නේ සති 25ක වැනි ඉතාමත්ම පුංචි කාලයකින්. ඊට හේතුව වෙලා තියෙන්නේ දරුවාගේ මවට අධි රුධිර පීඩනය වැඩි වීමයි. කොහොම නමුත් වෛද්‍යවරුන්ගේ කැපවීම මත මේ ආදරණීය පුංචි සිඟිත්තිය කිලෝ ග්රෑම් 6.4ක බරක් සම්පුර්ණ වන තුරුම ඔවුන් ප්‍රතිකාර කර තිබෙනවා. ඒ වගේම බිලිඳිය සාමාන්‍ය තත්වයට එන තුරුම රෝහලේ තබා ගැනීම විශේෂත්වයක් කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇය මාස 13ක් රෝහල් ගත කර විශේෂ ප්‍රතිකාර සිදුකර තිබෙන අතර ඒ කාලය තුළ රෝහල් ගාස්තුව වශයෙන් ඇමෙරිකානු ඩොලර් 270ත් 601ත් අතර ප්‍රමාණයක් රෝහලට ගෙවා තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ පුංචි හුරතල් සිඟිත්තියට නිරෝගී සුවය ප්‍රර්ථනා කරන ගමන් ඇගේ ආදරණීය ජායාරූප එකතුවක් මීළඟට ඔබ වෙත ගෙන එන්නට අප සුදානම්.

Baby

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top