chanu

රෑ එකොළහටත් බයිසිකල් පැදපු හින්දි නිලියක් වගේ ලස්සන නිවෙදිකාව චානු දිසානායක ගෙවන සුන්දර ජීවිතේ

චානු දිසානායක කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ නිවේදිකාවක ලෙස ජනප්‍රියත්වයට පත් සුරූපී තරුණියකි. කොහොම නමුත් ඇය වර්තමානයේ ලාංකීය ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන සිරස නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වගේම පුවත් නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලබනවා. මේ අතර ඇය 2019 වසරේදී ඇය රයිගම් සම්මාන උලෙළේදී හොඳම සම්ප්‍රවේෂක ලෙස සම්මානයත් දිනාගනු ලැබීය.

ඉතින් චානු කියලා කියන්නේ පුංචි කාලේ ඉදලම හිතුවක්කාර චරිතයක් බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ අතර ඇය සිය කුඩා කාලය පිලිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි ”ඉස්කෝලේ කාලේදීනම් මම කිසිම දේකට බැහැ කියලා නැහැ.

ක්‍රීඩා, නැටුම්, සංගීතය, නාට්‍ය මේ හැමදේම මම කළා. මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙනුයි. මම කවදාවත් පන්තියක හිටපු ළමයෙක් නෙමෙයි. ඒක ඉස්කෝලේ ගුරුවරු පවා දැනගෙන හිටියා. විශ්වවිද්‍යාලයේදීත් මම ලෙක්චර්වල හිටපු ළමයෙක් නෙමෙයි.” කියලයි.

කොහොමහරි ඉතින් ඇය කියන්නේ තමන්ට බයික් පදින්න බෑ කියලයි. නමුත් ‘යූටර්න්’ සිනමාපටයේ ඇයට තිබෙන චරිතය අනුව බයික් පැදවීමේ හැකියාව අනිවාර්යෙන් තිබෙන්න ඕනේ කරනවා. ඉතින් මේ චිත්‍රපටයට තමයි ඇය බයිසිකල් පදින්න පුරුදු වෙලා තිබෙන්නේ.

ඉතින් චානුගේ තාත්තා තමයි ඇයට රෑ දහය එකොළහ වෙනතුරු බයිසිකල් පදින්න පුරුදු කරලා තියෙන්නේ, එකනම් අමතක කරන්න බැරි සුන්දර සිදුවීමක් කියලයි ඇය කියන්නේ. ඉතින් අද අපි ඔබට නිවේදිකාවක ලෙස ජනප්‍රියත්වයට පත් චානුගේ සුන්දර ජායාරූප එකතුවක් මේ විදිහට අරගෙන එනවා.

Chanu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top