ලංකාවේ අපේ කළා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිල්හානි වීරසිංහ කියල කියන්නේ. ඇයව අපට පසුගිය කාලයේ අහස් මාලිගා, හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබුණු අතර වර්තමානයේ අපට ඇයව ජාතික රුපවාහිනියේ විකාශනය වන සකල ගුරු ටෙලිනාට්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එකතුවෙලා තිබුණා
ඉතින් එලෙස සාකච්ඡාවකට සහභාගි වු ඇය ක්ෂේත්රයට පිවිසි ආකාරය පිළිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි ” මට 2014 දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කරන්න හැකිවුණා. ඉතින් ඒ හරහා තමයි මට ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ. ඉතින් මට මීට පෙර විවිධ වැඩකටයුතුවලට ආරාධනා ලැබුණත් අධ්‍යාපන වැඩ කටයුතු නිසා සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණෙ නැහැ ” කියලයි
කොහොමහරි ඉතින් මම පොඩි කාලෙ ඉඳලම රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තු වුනේ කියන ඇය කියන්නේ ඒ කාලයේ රූපවාහිනිය නරඹද්දි වුණත් මට හිතුණා මටත් මෙහෙම සම්බන්ධ වෙනන් තිබුණා නම් කියල කියලයි. නමුත් අවස්ථාව ගන්න අමාරුයිනේ කියන ඇය ඊට හේතුව වශයෙන් කියන්නේ ගම අනුරාධපුරේ නිසාවෙන් තමන්ට අනුරාධපුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා ඒ තැනට යනවා කියන්නෙ ලොකු දුෂ්කර ගමනක් කියලයි.
ඒ වගේම ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නර්ථන අංශයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා. ඉතින් ඇය කියන්නේ සිය විභාග කටයුත් එක්ක වෙළෙඳ දැන්වීම් කිහිපයකට ඇරෙන්න වෙනත් වැඩවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ නැහැ කියලයි
කොහොම නමුත් මේවන විට අධ්‍යාපන කටයුතු අවසන් කියන ඇය කියන්නේ ඉන්පසුව තමයි තමන් සකල ගුරු නාට්‍යය සමගින් එකතුවුනේ කියලයි. ඒ වගේම ඇයට වර්තමානය වනවිට චිත්‍රපට 4 කට පමණ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.
ඉතින් රජා මමයි චිත්‍රපටය 2018 වසරේ තිරගත වු බව කියන ඇය කියන්නේ එහි ප්‍රධාන චරිතයට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා කියලයි. ඊට අමතරව රූකඩ පැංචි, සාරි ගප්පි චිත්‍රපට තිරගත වෙන්න නියමිතව තිබෙනවා කියන ඇය කියන්නේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඒවා දැක බලාගන්න හැකි වෙයි කියලයි
කොහොමහරි ඉතින් ක්ෂේත්රයට සම්බන්ධ වෙනවාට මුලදී සිය පියා අකමැති වුණා කියන ඇය කියන්නේ කොළඹ ඇවිල්ලා තනියෙන් රූගත කිරීම්වලට එහෙම යන්න අමාරුයිනේ කියලයි. ඒ වගේ තැන්වලදි ඇයට උදව් කළේ ඇගේ පෙම්වතාලු. ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ක්ෂේත්රය තුළ මෙතෙක් පැමිණි ගමනට සහයෝගය දුන්නු සිය පෙම්වතා පිළිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි
” මගේ පෙම්වතා තමයි මට මේ ක්ෂේත්රයට යන්න ගොඩක් උදව් කළේ. ඔහු නිෂ්පාදකවරයෙක්. ඔහු මම වෙනුවෙන්ම චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා. මුලදි ගෙදරින් අකමැති වුණත් පසුව රංගනයට සම්බන්ධ .
දිල්හානි වීරසිංහ