ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් අතරින් මුල් පෙලේ ඉන්න ව්‍යාපාරිකයෙකු තමයි ඩඩ්ලි සිරිසේන කියලා කියන්නේ. ඔහු ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයාද වෙනවා. කොහොම නමුත් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඉන්න ඔහු උණවටුන වෙරළ තීරයේ ඉදිකළ කාමර 200 කට වඩා අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් මෑතකදී අති උත්කර්ෂවත් ලෙසින් විවෘත්ත කරනු ලැබුවා
කොහොමහරි ඉතින් මේ ඩඩ්ලි සිරිසේන මහතාගේ ආදරණීය බිරිඳ තමයි ඇන්ජෙලා කියලා කියන්නේ. ඉතින් ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා සිය සමාජ මාධ්‍ය ගිනුම්වලට සිය බිරිඳගේ සුන්දර ජායාරූප පෙළක් එකතු කරල තිබුණා.
ඉතින් එලෙස ඔහු සමාජ මාධ්‍ය ජාලා වලට සිය බිරිඳගේ සුන්දර ජායාරූප පෙළක් එකතු කරන ගමන් ඇගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සෙනෙහෙබර සටහනකුත් එකතු කරල තිබෙනවා අපට දැකගන්නට ලැබුණා
ඉතින් එලෙස ජායාරූප එකතු කරමින් ඔහු කියලා තිබුනේ මෙන්න මේ වගේ සෙනෙහෙබර කතාවකුයි
” අහම්බයක් කියා දෙයක් ලොවේ කොතනකවත් නැත. ඇත්තේ ස්වභාවධර්මයේ සැළසුම්ය. එහෙයින් මා තබන සෑම සාර්ථක පියවරකදීම මෙන්ම මා වැටෙන සෑම තැනකදීම පාහේ කිසිදිනෙක මා අත්නොහැර සිටියේ ඔබම පමණය. එහෙයින් මා ජීවමානව දුටු යශෝදරාව මෙන්ම විශාකාවද ඔබම විය.
මගේ ලෝකයේ හිරු මෙන්ම සඳුද ඔබම විය. මන්ද ඔබේ ආදරය හුදෙක් මා කෙරෙහි ආලෝකය විහිදවූ පහන් ටැඹක් සේම, නිමාවක් නොදකින අනන්තයක්ද වන නිසාවෙන්ය. Angela සුබ උපන්දිනයක් ඔයාට” කියලයි
කොහොමහරි ඉතින් එලෙස ඊයේ දිනයේ සිය උපන්දිනය සැමරූ ඩඩ්ලී සිරිසේන මහතාගේ බිරිඳ ඇන්ජෙලා මහත්මියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන අතරම ඇගේ ආදරණීය කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ඇගේ සුන්දර ජායාරූප පෙළකුත් මේ විදිහට අරගෙන එනවා
0