වර්තමානයේ ලාංකීය කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පියෙකු තමයි රන්දික ගුණතිලක කියල කියන්නේ. ඔහු සතු රංගන හැකියාව පිළිබඳ කියනවානම් ඔහු තමයි 2020 රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ දී නැගී එන හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගනු ලබන්නේ. ඇත්තෙන්ම වේදිකාවෙන් කලාවට පිවිසි ඔහු තමන්ටම අනන්‍ය වූ දක්ෂ රංග පෞරුෂයකින් යුත් තරුණයෙකු ලෙස හදුන්වන්න පුලුවනි
ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියා මේවන විට බොහෝදෙනෙකු අතර ප්‍රසිද්ධ වෙන්නේ හිරු නාළිකාව මගින් විකාශනය කරන “රෑල්ල වෙරලට ආදරෙයි” කියන ටෙලිවෘතාන්තය නිසාවෙනුයි. ඔහු කොළඹ ඩී එස් සේනානායක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්වන අතර පසුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ප්රවේශවී තිබෙනවා.
කොහොම නමුත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ දී රංගනය හදාරන්න උනන්දු වෙන ඔහුට නිරන්තරයෙන්ම ඊට සහයෝගය ලබාදුන්නේ ප්‍රසන්නජිත් අබේසූරිය නැමැති සොඳුරු කලාකරුවා බවයි ඔහු කියන්නේ
ඒ වගේම තමන්ට රගපෑමට බෑ කියලා හිතුනු හැම වාරයකම වගේ ඔහුගේ හෙවනැල්ලක් වගේ මේ අපූරු කලාකරුවා සිටියා කියන ඔහු කියන්නේ “උඹ පණ්ඩිතයා වෙන්නැතුව මම කියන දේ කරපංකො. දවසක උඹටම තේරේවී මම කිව්වේ මොකක්ද කියලා.” ඔහු තමන්ව නිරන්තරයෙන් දිරිමත් කළා කියලයි කියන්නේ.
ඔහුගේ සරසවි ජීවිතයේදී එක්තරා අවස්ථාවක ඔහු නැවත කවදාවත් ජීවිතයට රඟපාන් නෑ කියලා සිතෙන සිද්ධියකට මුහුණ දී තිබෙනවා. ඒ සිදුවීම තමයි දවසක් ඔහු වේදිකා නාට්‍යයක රඟපාන මංගල දර්ශනය පැවැත්වෙන්න නියමිතව තිබුණා
ඉතින් මේ අවස්ථාවේදී ඔහු තමයි මේ නාට්‍යයේ රඟපාන්න නියමිත වෙලා හිටපු නලුවා වෙන්නේ. එලෙස මංගල දර්ශනය දවසෙ නාට්‍ය රඟපාන්න වේදිකාවට ගියාට පස්සේ ඔහුට නියමිතව තිබුණු දෙබස් අමතක වෙලා තිබෙනවා. ඉතින් ඒ සංවේදී අවස්ථා පිළිබඳ ඔහු කියලා තිබුනේ මෙහෙම කතාවකුයි ” මට “එදා මොකද උනේ කියලා අදටත් හිතාගන්න බැහැ.
මේ සිදුවීමෙන් පස්සේ මම දින කීපයක්ම විශ්වවිද්‍යාලයට ආවෙත් නැහැ. කොටින්ම ලැජ්ජාවට කාටවත්ම මූණ දුන්නෙම නැහැ. මට යාලුවෝ කිහිප දෙනෙක්ම කතා කළා ඒ අය මට හොඳ ප්‍රතිචාරයක් දුන්නෙ නැහැ. එදා මම ආයි ජීවිතයට රඟපාන් නැහැ කියන මට්ටමට කඩාගෙන වැටුනා. මම ප්‍රසන්නජිත් සර්ට කතා කරලා මගේ දුක්ගැනවිල්ල කිව්වා. මගේ ආත්ම ශක්තිය ගොඩ ගන්න සර් නොසෑහෙන්න මහන්සි ගත්තා.” කියලයිඉතින් ඔහු කියන්නේ එදා ඔහුට ඒ වැරදුණු අවස්ථාව නිසා ඔහුගේ රංගන ගමන ආරම්භ වීම පටන් ගත්තා කියලයි. ඉතින් රංගනය පිළිබඳ විශේෂවේදී උපාධියක් තිබෙන මේ යොවුන් රංගන ශිල්පියා මේ වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පියෙක් වෙලා අවසාන බව රහසක් නොවෙයි. ඉතින් අද අපි ඔහුගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභපැතුම් එකතු කරන අතරම ඔහුගේ ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා